Breaking News

ධනපති චෞර වළල්ලට වෛරය , පහළ පාන්තික අතිබහුතරයක් පීඩිත ජනතාවට ආදරය  මේ වසරේ මගේ ප්‍රාර්ථනාව වෙන්නේ ඒක

අරගල වලින් පිරි 2022 වසර නිමාවී නැවතත් අපි නව වසරකට පියමැන තිබේ. අලුත් නව වසරට ආසිරි පතන්න ම්ප්‍රදායික  පිවිසුමකට වඩා වෙනස් තැනකින් පිවිසිය යුතු බව අප විශ්වාස කරනවා. 2022 අපි 2023 ට ගමන් කරන්නේ පැරණි වසරේ  දිගුවක් ලෙස මිස  පැරණි සියල්ලම අමතක කර දමා අලුතෙන් පටන් ගන්න අරමුණක් ඇතිව නෙවෙයි.

වසරක් අලුත් වෙන්නටත් වසර තුල ජනතාවගේ ප්‍රාර්ථනාවන් සඵල වෙන්නට රටේ සමාජ දේශපාලන ආර්ථික පිබිදීමක් ඇති වෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ජනතාවට එම  නව බලාපොරොත්තුව  මල් එළ ගන්වා ගන්නට  2023 වසර අරගල වසරක් කර ගත යුතුයි.

මේ නව වසරේ අලුත් බලාපොරොත්තු මොනවාද කියලා දැනගන්න අපි විවර දේශපාලන කතාබහට  එක්කර ගත්තේ දේශපාලන ක්‍රියාධරයෙකු දේශපාලන විචාරකයෙකු  මෙන්ම  සාහිත්‍ය විචාරකයකු වන විදර්ශන කන්නන්ගරව . පහත එල වන්නේ  විවර ඔහු සමග කළ සාකච්ඡාව.

leave a reply