” මේ වෙද්දි ආණ්ඩුව භාණ්ඩ 60කට අදාල භාණ්ඩවලට පනවල තිබ්බ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 2025 අවුරුද්දටත් දීර්ඝ කරල. නමුත් මේ ආණ්ඩුව බලයට පත්වෙලා දින සීයක් පමණ ගතවෙන්න ඇවිල්ලත් තවම බැරි වුනා මේ රටේ ජනතාවගේ මුදල් කොල්ලකාපු හොරුන්ට වංචනිකයන්ට එරෙහිව හරියාකාරව නීතිය ක්‍රියාත්මක කරන්න. ජනතාවගෙන් මංකොල්ල කාපු ධනය එක දශමක්වත් නැවත පවරගන්න තවමත් බැරි වෙලා තියනවා.
ජන අරගල සන්ධානය ජනවාරි 05 වනදා නුගේගොඩදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පහත අදහස් පළකළේය .
සීනි 1KG සඳහා රුපියල් 50ක බද්දක් ගෙවන්න වෙලා. ලුණු 1KGට රුපියල් 40ක්, සහල් 1KG රුපියල් 65ක්, කහ 1KG රුපියල් 360ක්, කරවල සහ හාල් මැස්සන් 1KG සඳහා රුපියල් 100ක් මෙච්චර බදු ප්‍රමාණයක් ගෙවන්න තරම් ආදයම් මිනිස්සුන්ට නෑ. ඒක නිසා වෙන්නේ ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි අසහනය වර්ධනය වෙන එක. මිනිස්සුන්ට කන්න බොන්න විදිහක් නෑ. දරුවව ඉස්කෝලෙට යවාගන්න විදිහක් නෑ. එහෙම තත්වයක් ඇතුලේ ආණ්ඩුව ගැන ඍනාත්මක ප්රවෘත්ති එන එක නවත්තන්නෙ කොහොමද ?
නමුත් ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දෙන එක පැත්තකින් තියලා දැන් මාධ්‍යවලට තර්ජනය කරන්න පටන් අරං. අපි දැක්කා ක්ලීනිං ශ්‍රී ලංකා යටතේ පාර අයිනේ කොස් මදුලක් බුලත් විටක් විකුණන මිනිස්සුන්ට පොලිසියෙන් නඩු දාලා කියලා අරුණ පුවත්පත වාර්තා කරල තිබුනා. අපි කියන්නෑ ඒ පුවත සම්පූර්ණයෙන් සත්‍යයක් කියලා. මාධ්‍යවල යන ප්රවෘත්ති සාමාන්‍යයෙන් සත්‍ය, අර්ධ සත්‍ය සහ අසත්‍ය විදිහට බෙදෙනවා. ඒවගෙන් ගන්න ඕන මොනවද ඉවත දාන්න ඕන මොනවද කියල තීරණය කරන්නෙ ජනතාව. අපි දන්නවා අරුණ පුවත්පත හිමි ප්‍රාග්ධන හිමියට අදාලව දේශපාලනයක් තියනවා. ඔහු කටයුතු කරන්නේ පුවත් මවන්නේ තමන්ගේ දේශපාලන න්යායපත්රය අනුව. හැබැයි ඒම කියලා ආණ්ඩුව කල යුත්තේ මාධ්‍යයට තර්ජනය කිරීම නෙවෙයි.
අද වෙළඳපොලට ගියාම පොඩි ළමයින්ට කන්න දෙන්න ගෙනියන ඇපල් 1 KG රුපියල් 600ක් බදු ගහලා. මිදි 1KGට රුපියල් 600ක බදු ගහලා. දරුවන්ට කවන්න වෙලා තියෙන්නේ බදු. ඉතින් එහෙම තත්වයක් ඇතුලේ මිනිස්සු ආණ්ඩුව ගැන එන ඍණාත්මක පුවත් විස්වාස කරන්න ගන්නවා. ඒක නිසා ආණ්ඩුව කරන්න ඕන තර්ජනය කරන එක නෙවෙයි. මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න. අසාධාරණ විදිහට පනවල තියෙන බදු ඉවත් කරන්න. එතකොට ආණ්ඩුව ගැන මොනතරම් බොරු ප්‍රචාර ගියත් මිනිස්සු එවා විස්වාස කරන්නෑ. නමුත් ආණ්ඩුව දිගටම කටයුතු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කරන්න නම් ආණ්ඩුව ගැන බොරු වගේම ඇත්ත ප්‍රවෘත්තිත් වර්ධනය වෙලා මිනිස්ස්න්ගේ අසහනය පුපුරා යන මොහොතක් ඒවි. “