බලහත්කාරයෙන් රැඳී සිටින ටිල්වින් සිල්වාගේ කල්ලියට යක්කළින් යන්න කියයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යක්කල කාර්‍යාලයට එල්ලවූ ප්‍රහාරය පිළිබදව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම අද, සැප්තැම්බර් 09 දින සිදුකරන ලද අතර ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ධම්මික උඩුවේවිදාන මහතා ඉදිරියේ නඩු විභාගය පවත්වනු ලැබීය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ, නීතීඥ රිවිහාර පින්නදූව, නීතීඥ චරිත් ද සිල්වා, නීතීඥ දිනූෂා තිරාණගම පෙනී සිටියේය. නඩුව පවරනු ලැබුවේ ප්‍රාථමික අධිකරණ සංවිධාන පනතේ 66 වගන්තියට අනුවය.

එහිදී අධිකරණය යක්කල, කිරිඳිවැල පාරේ, සල්මල් උයන පිහිටි පෙසප කාර්‍යාලයේ බලහත්කාරයෙන් රැඳී සිටින්නන් වහාම ඉවත් කරන ලෙසත්, එහි භුක්තිය හිමි කවරෙකුටදැයි අධිකරණයේ නඩු විභාගයකින් තීරණය වනතුරු එම දේපළ පොලිස් බාරයට ගන්නා ලෙසත් යක්කල පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය. නඩුව නැවත සැප්තැම්බර් 23 කැඳවීමට නියමිතය.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...