බලහත්කාරයෙන් රැඳී සිටින ටිල්වින් සිල්වාගේ කල්ලියට යක්කළින් යන්න කියයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යක්කල කාර්‍යාලයට එල්ලවූ ප්‍රහාරය පිළිබදව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම අද, සැප්තැම්බර් 09 දින සිදුකරන ලද අතර ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ධම්මික උඩුවේවිදාන මහතා ඉදිරියේ නඩු විභාගය පවත්වනු ලැබීය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ, නීතීඥ රිවිහාර පින්නදූව, නීතීඥ චරිත් ද සිල්වා, නීතීඥ දිනූෂා තිරාණගම පෙනී සිටියේය. නඩුව පවරනු ලැබුවේ ප්‍රාථමික අධිකරණ සංවිධාන පනතේ 66 වගන්තියට අනුවය.

එහිදී අධිකරණය යක්කල, කිරිඳිවැල පාරේ, සල්මල් උයන පිහිටි පෙසප කාර්‍යාලයේ බලහත්කාරයෙන් රැඳී සිටින්නන් වහාම ඉවත් කරන ලෙසත්, එහි භුක්තිය හිමි කවරෙකුටදැයි අධිකරණයේ නඩු විභාගයකින් තීරණය වනතුරු එම දේපළ පොලිස් බාරයට ගන්නා ලෙසත් යක්කල පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය. නඩුව නැවත සැප්තැම්බර් 23 කැඳවීමට නියමිතය.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...