සුළං බලාගාරයට එරෙහිව මන්නාර් ජනතාව අඛණ්ඩ අරගලයේ

Date:

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියකට එරෙහිව සාමකාමී විරෝධයක නිරත වූ ජනතාවට පොලීසිය යොදා පහර දුන්නද එම ජනතාව තම අරගලය අත්හැරීමට සූදානම් නැත.

මන්නාරම ජනතාව මීට පෙර සත්‍යග්‍රහය පැවත්වූ භූමියේ එම අරගලය නැවත සක්‍රීය වී තිබේ. එම අරගලය සඳහා අද දිනයේ ජන අරගල ව්‍යාපාරයද සම්බන්ධ වී තිබේ.

පසුගියදා මන්නාරම ජනතාව සුළං ටර්බයින දූපතට රැගෙන එන අතරතුර එයට විරෝධය දක්වා ඇති අතර, එසේ විරෝධය දක්වන ජනතාවට පොලීසිය විසින් පහර දී ඉවත් කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බලශක්ති අමාත්‍යාංශයට සහ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට “වහාම ක්‍රියාත්මක වන පරිදි මන්නාරම සුළං බල ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස” උපදෙස් ලබාදී තිබුණි.

විනාශකාරී සුළං බලාගාර සහ වැලි කැණීම් ව්‍යාපෘතිවලට එරෙහිව මන්නාරම දූපතේ ජනතාව දින 50කට අධික කාලයක් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වෙමින් සිටියි. එම විරෝධතාවය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් මසකින් කල් දමමින් මන්නාරම ජනතාවට පොරොන්දු වූවේ ප්‍රජාව සමඟ තවදුරටත් සාකච්ඡා නොකර සුළං බල ව්‍යාපෘතිය නැවත ආරම්භ නොකරන බවයි. පසුගිය සතියේ (19) මන්නාරමේ නියෝජිතයින් හමුවූ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින්ද පොරොන්දු වී තිබුනේ රජය විසින් පත් කරන ලද කමිටුවේ එම වාර්තාවේ සොයාගැනීම් සහ නිර්දේශ මන්නාරම ජනතාව සමඟ බෙදාගෙන සාකච්ඡා කරනු ඇති බවයි.

සුළං බල සහ වැලි කැණීම් ව්‍යාපෘති දෙක හරහාම ජීවනෝපායන්, පරිසරය, සංක්‍රමණික පක්ෂි ජනගහනය සහ රැම්සාර් තෙත්බිම් භූමිය කෙරෙහි ඇති කරන බලපෑම සැලකිල්ලට ගනිමින්, සහ ප්‍රාදේශීය ප්‍රජාව, පාරිසරික කණ්ඩායම්, විද්වතුන් සහ ක්‍රියාකාරීන්ගේ දැවැන්ත විරෝධය නොතකා, හේලීස් ෆෙන්ටන් හි අනුබද්ධිත සමාගමක් වන හේවින්ඩ් වෙත ලබා දී ඇති සුළං බල ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

හේලීස් සමාගම ධම්මික පෙරේරා සතු සමාගමකි.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...