බුද්ධට වෙඩි තියල

අවුරුදු ගානකට ඉස්සෙල්ලල වසර 1981 මැයි 31 රාත්‍රියේ යාපනේ හදවත – යාපනය පුස්ථකාලයට ගිණිතියනව. ඒ ගින්නේ වේදනාකාරී රස්නය තාමත් සමාජයට දැනෙමින් තියනවා. ගිනිතැබූ රාත්‍රියට පසුදා එවකට යාපනය විශ්ව විද්‍යාලයේ සේවය කරමින් සිටි මහාචාර්ය එන් ඒ නුහුමන් මහතා තමාගේ හදවතේ වේදනාව කවියක් බවට පත්කරනව.

ඒ කවිය සිංහලට පරිවර්ථනය කොට මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බිත්ති පුවත්පතක එල්ලනව. දින කීපෙකින් කිසියම් පිරිසක් විසින් කවිය අතුරුදහන් කරනව.

යාපනය පුස්තකාලය ආයෙත් පේරාදෙණියේදී ගිනිගන්නව.

කාලොගේ කාලෝචිත පරිවර්ථනය සොයාගැනීමට අපහසු වුවද පහත පලවන්නේ නුහුමන් මහතාගේ කවියට මා විසින් එක්කල සිංහල පරිවර්ථනයයි.

බුද්ධට වෙඩි තියල
ඊයේ රාත්‍රියේ
මගේ හීනයේ
නීතිය රකින පොලීසිය
බුද්ධට වෙඩිතියල
ලේ නැහැවුණු සිරුර
යාපනේ පුස්ථකාලය පාමුල

ඔහුගේ නම තිබුනේ නෑනේ
මරන්න ඕනි නෑනෙ
අදුරට වාරුවේවි
කීවේ ඇමතිවරු

නෑ සර් නෑ නෑ
අවුලක් වෙලා නෑ
මරන්නම වෙනව බුද්ධව
බුද්ධව නොමරා
මැස්සන් මරනු බෑ

හරි හරි ඔක්කොම හරි
මළමිනිය හංගනු කොහොමහරි
ඇමතිවරු හැරුනා ආපිට

සිහිවිකල් සිවිල් මිනිසුන්
බුද්ධව හැන්ගුවේ පුස්තකාලයේ
අනූදාහක් පොත් සමග
ගිනිතිබ්බෙ එක ගොඩට

චක්කවද්ධ සුත්‍රය
පිච්චුනේ එක ගොගොඩට
මහාවංසය සමග

මහාචාර්ය එන් ඒ නුහුමන්
නව සිංහල පරිවර්ථනය සරද සමරසිංහ
(special thank to Kugan)

පරිවර්ථනය : සරද සමරසිංහ

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...