කම්කරු නීති සංශෝධනයට ශ්‍රී ලංකා නීතීඥ සංගමය පූර්ණ සහාය දෙනවලු

රටේ අනාගතය වෙනුවෙන්, සරල, ශක්තිමත්, යාවත්කාලීන වූ කම්කරු නීති පද්ධතියක් ගෙන ඒම සඳහා පූර්ණ සහාය ලබා දීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය එකගතාවය පලකර සිටී.

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස්කිරීම සඳහා අවශ්‍ය පූර්ණ නීතිමය සහාය ලබාදීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය කටයුතු කරන බව, කම්කරු නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරයකට එක්වෙමින් , නීතීඥ සංගමයයේ කම්කරු නීති සම්බන්ධ උපදේශක නීතීඥ කනිශ්ක වීරසිංහ මහතා(10) පැවසුවේ ය.

කම්කරු නීතිය කඩිනමින් වෙනස් විය යුතු බවත්,එය රටේ සංවර්ධනයට හා ආර්ථිකයට ඍජුව බලපාන බවත් ඔහු පෙන්වා දුන්නේ ය. යාවත්කාලීන වූ කම්කරු නීති පද්ධතියක් මගින් තිරසර ව්‍යවසායකත්වයන්ට සහාය ලබාදෙන පරිසරයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙන බවත්, කම්කරුවන්ගේ සුබසාධනය සහ වඩා හොද ජීවන තත්වයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙන බවත් ඔහු සදහන් කළේය.

කාන්තා ශ්‍රම සහභාගීත්වය,තරුණ ව්‍යවසායකත්වය වැනි ක්ෂේත්‍රයන් පිළිබඳව විශේෂ අවදාණයක් යොමුකර නව කම්කරු නීතිය වෙනස්විය යුතු බව ඔහු පැවසුවේ ය. සේවය අවසන් කිරීමේ පනත වැනි යල් පැන ගිය නීති වෙනස් කිරීමට කටයුතු කළ යුතුව ඇතැයිද නීතීඥ කණිෂ්ක වීරසිංහ සදහන් කළේය.

මෙම අවස්ථාවට එක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කර සිටියේ ශ්‍රමිකයාගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් ශ්‍රමිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් පැරණි වැඩවසම් ශ්‍රමිකයා වෙනුවට නූතන අනාගතවාදී ශ්‍රමිකයෙකු බිහි කිරීමට අවශ්‍ය සියළු නීති හා අණපනත් හඳුන්වා දීමට සූදානම් බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...