මැදපෙරදිග කළාපයේ  ලාංකික ශ්‍රමිකයන් වසංගතය හේතුවෙන් ගැටලු රැසක

කොරෝනා වසංගතය හේතුවෙන් මැද පෙරදිග කලාපයේ සේවය සඳහා ගොස් සිටින ලාංකික ශ්‍රමිකයන් විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ. විවිධාකාරයෙන් අන්තර්ජාලය හරහා වීඩියෝ ප්‍රචාරය කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ තමන් නැවත ලංකාවට ගෙන්වා ගන්නා ලෙසයි. මෙලෙස අසරණව සිටින විශාල පිරිසක්  වීසා කාලය අවසන්ව නැවත මෙරටට පැමිණීමට නියමිතව සිටි අයවලුන් වේ .

එහෙත් වසංගතයේ පැතිරීමත් සමඟ ගුවන්තොටුපළ වසා දැමීම නිසා  නැවත ඔවුන්ට මෙරටට පැමිණීමට නොහැකි වී ඇත. මෙම පිරිස වීසා කාලය අවසන්ව තිබීම නිසා ආදායම් මාර්ගද අවහිරව ඇත. ඊට අමතරව නවාතැන් ගෙන සිටි තැන්වලින් ඉවත්වීමට සිදුව ඇති බව ඔවුන් පවසයි. ඉන් එක් විදියෝවක පෙනී සිටි තරුණයන් පිරිසක් මාස කිහිපයක් ඇතුලත ඩුබායි වෙත ගිය පිරිසකි. ඔවුන්ට රැකියා ආරම්භ කළ අවස්ථාවේම වසංගතය පැතිරීම ඇරඹීම නිසා රැකියා සහ  නවාතැන් පහසුකම් අහිමිවී ඇති බව ඔවුන් පවසයි.

පසුගිය මැයි 07වනදා ඩුබායිහි සිටි  ශ්‍රී ලාංකිකයන් 197ක්  මෙරටට ගෙන්වුවද තවත් විශාල පිරිසක් සිරවී සිටින බව වාර්තා වේ.
ඩුබායි නගරයේ කොරෝනා අසාදිත ප්‍රමාණය  21,084 දක්වා ඉහළ නැග තිබේ. 208 දෙනෙකු මරණයට පත්වී ඇත.
එසේම නිල සංඛ්‍යාලේඛන වලට අනුව ගල්ෆ් අරාබි රාජ්‍ය හයේ කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව 100 000 ඉක්මවා ගොස් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...