Breaking News

ආණ්ඩුව මර්දනය දැඩි කරද්දී IMF නියෝජිත කණ්ඩායම අගමැති හමුවෙයි

ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද(20) උදේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා ආරම්භ කර තිබේ.

ගෝල්ෆේස් අරගල භූමියේ ගෝඨා – රනිල් ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් පැවැත්වෙන අරගලය උණුසුම් ස්වභාවයක් ගෙන මේ දිනවලම ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයන් ආණ්ඩුව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද පෙරවරුවේ ලංකාවට පැමිණ ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සතියක පමණ කාලයක් මෙරට රැඳී සිටිමින් සාකච්ඡා පවත්වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

ආණ්ඩුව සහ විපක්ෂ කණ්ඩායම් කියා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපව ගලවා ගැනීමට පැමිණෙන දේව දූතයන් බවයි. නමුත් සත්‍ය ලෙසම ඔවුන් පෙනී සිටින්නේ මේ ජනතාවට සහන සැලසීමට නොව පවතින ක්‍රමය ආරක්ෂා කරගැනීමට පවතින ඕනෑම දූෂිත ආණ්ඩුවකට උදව් දීමට බව පෙනේ. එසේම ඉතිහාසය දෙස බැලීමේදී ද පෙනී යන්නේ ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි සාමාන්‍ය ජනතාවට කිසිදු ලෙසකින් වාසි සහගත නොවූ බවයි.

leave a reply