Breaking News

කොරෝනා කියන කායික රෝගයට රතන සූත්‍රය බෙහෙතක් නෙමෙයි.

ගුරුගොඩ සිරිවිමල හාමුදුරුවෝ

හාමුදුරුවනේ,කොරෝනා කියලා දරුණුවසංගතයක් ලෝකය පුරා පැතිරිලා තියෙනවා.සමහරුකියනවා මේ ලෝක විනාශයේ පටන් ගැන්මක් කියලා.ඒගැන බුදු දහමට අනුව අපේ හාමුදුරුවන්ගේ මතයමොකක්ද.?

ලෝකය විනාශ වෙන්න පටන් ගන්නෙ ලෝකෙඅරම්භයෙ ඉදම්ම තමයි. දැන් මිනිස්සු අත්දෙක ඔළුවෙගහගෙන අනේ අපොයි අපි ඉවරයි කියල හිතුවටකොරෝනා එන්න කලිං ඉදලම ලෝකය වගේමලෝකයාගේ පරිහානිය, එහෙම නැත්තං විනාශය සිද්ධවෙමින් පැවතුනා. මෙච්චරකල් අපි කරෙත් එකිනෙකාටවෛරය පතුරුවමින් බොරු කියමින් රවටමින් ජීවත් වෙනඑක. ඒ දේ වෛරසයක් විසින් දැන් අපිට සිද්ධ කරනව. ඇත්තෙන්ම මේක පටන් ගැන්මවත් අවසානයවත්නෙමෙයි අතරමැද පවතින අවස්ථාවක්.

කොසොල් රජතුමා හීන දාසයක් දැකපු කතාවක්තියෙනවා.එතුමා ඒ ගැන බුදු රජුන්ගෙන් අදහස්විමසනවා.රජතුමා එක හීනයක් දකිනවා සිංහයින්කොටියන් වැනි සතුන් පසුපස පන්නන මුවන් සහ එළුවන්ඔවුන් අල්ලාගෙන ඒ මස් අනුභව කරන ආකාරය සහඔවුන්ට බියෙන් මරබියෙන් පැන යන ආකාරය.ඒ හීනයේඅර්ථය වෙන්නේ අනාගතයේදී රාජ්‍යය පුරාවටඅධර්මිෂ්ඨකම ඇතිවෙයි.රජ දරුවෝ නිසා රටවැසියාපිරිහෙයි.රටට ප්‍රශ්න ඇතිවෙයි.ස්වාභාවිකවිපත්,ලෙඩරෝග සහ වසංගත පැතිරී රට විනාශවෙයි.බලවතුන් දුර්වලයින්ට යටවෙයි කියන එක.මේ එදාදැකපු හීනවල ප්‍රතිඵලද.?

මම හීන සීයට සීයක් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ වගේම කොසොල් රජතුමා මෙහෙම හීන දැක්කද? ඒවයෙ පලාඵල මේවමද ? කියන එක මට ප්‍රත්‍යක්ෂත්නැහැ. ලෝකෙටම සිද්ධ වෙන දෙයක් කොසොල්කියන පාලකය දකින්න තරම් කොසොල් රජතුමාමහාසම්මත රජු හෝ සක්විති රජ කෙනෙක් කියල මමවිශ්වාස කරන්නෙ නෑ. හැබැයි මම නාස්තිකවාදියෙකුත්නෙමෙයි. ඉතිං ඒ හීනය ඇත්ත වුනත් බොරු වුනත් මේඅවස්ථාවෙදිත් මීට කලිනුත් මේ දේ සිද්ධ වෙමින්පවතිනව. සිද්ධ වුනා. අනාගතයෙදිත් වෙයි.

කොරෝනා මෙච්චර මිනිස්සු ලෙඩ කරද්දි මෙච්චරමිනිස්සු මරද්දි කාටහරි හිතෙන්න පුලුවන් කෝ මේ තිස්තුන් කෝටියක් දෙවියෝ කියලා. ඇත්තටම දෙවියෝ කෝ.?

ඒක අපේ තියෙන දුර්වලතාවයක්නෙ. ඒකට දෙයියංට බැනල වැඩක් නෑ. ඔය කියන තිස්තුන් කෝටිය ඉන්නව කියල දෙවි කෙනෙක් ඇවිත් කියල නැහැ. අපිම හදාගෙනඅපිම කවල,පොවළ නලවල, නිදිකරවන මිත්‍යා දේවතා සංකල්පයක්නෙ අපිට තියෙන්නෙ. ඉතින් එයාල කරදරයකදි එයි කියල විරවගෙන බලං ඉන්න අපිටමෙහෙම කරදර සිද්ධ වෙන එක අහන්නත් දෙයක්ද?

ලෝකේ මිනිස්සු කොරෝනාවලට බයවුනේ නෑ.ඇත්තටම ඒ අය බය වුනේ කොරෝනා නිසා මැරෙයි කියන බයට. ඉපදුනොත් දවසක මැරෙනවා කියලා දැන දැනත් මිනිස්සු මෙච්චර මැරෙන්න බය ඇයි.?

හැම මනුස්සයෙක්ම මරණයට බයයි. ඉපදුනොත් මැරෙන එක අනිවාර්යතාවයක් වුනත් වෛරස් එකක් හදාගෙන මැරෙන්න ලෝකයාට අවශ්‍ය නැහැ. නිතරම අනිත්‍ය, දුක්ඛ, අනාත්මතාවයන් අදාල කරගෙන ඉන්න මිනිස්සු තමන්ගෙ වටිනාකම දන්නෙත් නෑ. අනුන්ගේ ජීවිතවල වටිනාකම දන්නෙත් නැහැ. මේ පඤ්චස්ඛන්ධය එක්ක පවතින බයක් විතර තියෙන ශරීරයෙන් ලෝකයට කරන්න තියෙන වැඩ ගොඩක් තියෙනව කියල අපි හැමෝම අවබෝධ කරගන්න ඕන. තමන්ගේ ජීවිතයට ආදරය කලොත් අපිට පුළුවන් මුළු ලෝකයටම ආදරය කරන්න.

අපි දන්නවා ඡන්දයක් වගේ දෙයක් එන කොට සමහර හාමුදුරුවෝ ස්ටේජ් උඩ නැඟලා කියන කරන දේවල්. අපේ රටේ මිනිස්සුන්ට ඒ හාමුදුරුවන්ගේ මූණු මතකයි. ඒත් ඒ වගේ අවස්ථාවල මිනිස්සු වෙනුවෙන්පෙනී ඉන්නවා කියපු හාමුදුරුවෝ කොරෝනා අස්සේ පේන්න නැත්තේ මොකද.?

ඒක ඇත්ත. නමුත් ගොඩක් ඔය කියන හාමුදුරුවරු මම දැක්ක සමාජ මාධ්‍යජාල වල ෆොටෝස් අප්ලෝඩ් කරල තිබුන එයාල මේ විදියට ආධාර දෙනව කිය කිය. ඉතිං මගෙ අදහස ඔය වේදිකා වල දඟලන හාමුදුරුවරු ආධාර දෙන්න ඕන නෑ කියන එක. එයාලගෙ අධාරත් සමාජයට අනාගතයේදී විෂ වෙන්න පුළුවන්. එහෙම වෙලත් තියෙනව. මේ වෙලාවෙදි අවංකවම ගමේ පංසල්වල හාමුදුරුවරු ජාති ආගම් බේදයකින් තොරව මුළු ගමම බලාගන්නව. ඒ අය තමයි නියම දේශපාලනයකරන හාමුදුරුවරු.

අපි දන්නවා එදා බුදුන් දවස තුන්බිය ඇතිවුනු වෙලාවේ රතන සූත්‍රය දේශනා කරලා ඒක නැති කළා.අද ඒ නිසාමදෝ හුඟාක් ස්ථානවල රතන සූත්‍රය දේශනා කරනවා. ඔබ වහන්සේ හිතන්නේ රතන සූත්‍රය පිටිපස්සේ කොරෝනා නැතිකරන බලයක් තියෙයි කියලද.?

මෙතනදි මම මුලින්ම කියන්න ඕන මේක. මට රතනසූත්‍රය ගැන අධිනිශ්චිතයක් හෝ අවනිශ්චිතයක් නැහැ. නමුත් අපි දැනගන්න ඕන සංස්කෘතිය සහ සෞඛ්‍යය කියන්නෙ විෂයන් දෙකක් බව. මේ වෙලාව වෛද්‍යවරුන්ගෙ වෙලාව මිසක් පූජ්‍ය පූජකයන් ක්‍රියාත්මක වෙන්න ඕන වෙලාවක් නෙමෙයි. හැමදේටම තමන්ගෙ ආගම දහම ඇතුළෙ උත්තර තියෙනව කියල තමන්ගෙ අනුගාමිකයන්ට පෙන්වන්න ගිහිල්ල වරද්ද ගත්ත අවස්ථාවල අද්දැකීම් ලෝකය පුරාම ඇති වෙන්න ආගමික පක්ෂයට ලැබිල තියෙනව. ලංකාවෙ කොරෝනා ව්‍යාප්තිය පටන්ගත්ත කියපු ගමන් අපේ හැම ආගමික පූජ්‍ය පූජකවරයෙක්ම රට වටේම පිරිත් කිව්ව, යාඥාකරා ඒ ඒ ආගමික වතාවත් කරා. ඒවයෙදි සමහර තැන්වලදි රජයටවත් ඇහුන්කන් නොදී වැඩකරපු බවක් අපි දැක්ක. ඒත් ඒ කිසි දේකින් ප්‍රතිඵලයක් ලැබුන්නෑ. කොටිම්ම කිව්වොත් කොරෝනා කියන කායික රෝගයට රතන සූත්‍රය කියන දේ බෙහෙතක් නෙමෙයි. පිරිත ගැනමට කතා කරන්න පුළුවන් මානසික ප්‍රතිශක්තිකරණය විශ්වාස කරන සමාජයක් එක්ක විතරයි. මානසික ප්‍රතිශක්තිකරණය කියන්නෙ වෛද්‍ය නිර්දේශයකින් බොන සිංහල හෝ, ආයුර්වේද හෝ බටහිර බෙහෙතක් තුළින්ලබා ගත හැකි දෙයක් නෙමේ. ඒක ඇවිත් තමන්ට හැදිච්ච ලෝකය තුළින් සතුට සඳහා කරන විධික්‍රමවලින් ලබාගන්න පුළුවන් දෙයක්. සමහරවිට පිරිතක්, ගීතයක්, හෝ වෙනත් දෙයත් විය හැකියි. කෝරෝනා මුළුමනින්ම හෝ මදකට හරි සුව කරන්න රතන සූත්‍රයට පුළුවන් ද කියන එක මම විශ්වාස කරන්නෑ. පිරිත කියනදේ මානසික වූ යම් දෙයක් කියන එකයි මගේ විශ්වාසය. ඒ මානසික වූ දෙයත් මිත්‍යාවකට යන්න නොදී තම තමන්ම සිද්ධ කරගන්නව නම් හරිම වටිනව.

සමහරෙකුට හිතෙන්න පුලුවන් අපි හැම පෝයටම සිල් ගන්නවා. බණ භාවනා කරනවා. පන්සිල් රකිනවා. ඒක හින්දා අපිට නම් කොරෝනා වෛරසය හැදෙන්නේ නෑ කියලා වගේ එකක්. ඔබ වහන්සේ ඒ කතාව පිළිගන්නවද.?

එහෙම හිතල තමයි අපේ ලංකාවෙ අය සමාජමාධ්‍ය ජාලවල “ලෝකයටම හැදුන ඒත් මේ පිංබිමට හැදුන්නෑ, දඹදිව ජය ශ්‍රීමා බෝධිය වැහුව සිරීපාදෙ වහන්න සිද්ධ උනේ නෑ” කිය කිය පණ්ඩිත සහ උද්දච්ච කතා කිය කිය පෝස්ට්ස් ශෙයාර් කළේ. හැබැයි අපිටත් මේ වෛරසය දැන් ඇවිත් තියෙනව. උද්ධච්ච මාන්නක්කාර කතා කියපු අය දැන් කටපියාගෙන ඉන්නව. පංසිල් හරියට ගන්න, බණ හරියට අහන පිළිපදින, අයට නම් මේ ලෙඩේ හැදෙන්න විදියක් නෑ. ඒක ඉන්ද්‍රජාලික දෙයක් නෙමේ. හරියට පංසිල් ගන්න අයට රජයෙන් දෙන යහපත් සෞඛ්‍යය උපදෙස් හරියට පිළිපදින්න පුළුවන්. ඉතින් එහෙම අයට ලෙඩ හැදෙන්නෑ තමා. ඒත් ඒකට හරියන්න මාන්නක්කාර උද්දච්ච විදියට හැසිරෙන මිනිස්සුන්ට මේක මේක නොහැදී තියෙන්නෑ. මේක තව විදියකින් කිව්වොත් “පංසිල් රකින, බණ බාවනා කරගෙන, පෝයට සිල් සමාදන් වෙන අය ඔය වගේ මෝඩ කතා කියන්නෑ.

අපි දැක්කා චීනයේ කොරෝනා පටන් ගද්දි අපේ මුදලාලිලා රුපියල් පහළොවේ විස්සේ තිබුනු මාස්ක් සීයට දෙසීයට පන්සීයට විකුණුවා.කෝරෝනා විකුණගෙන කන එක ගැන මොකද හිතෙන්නේ.?

ඕක ඇවිත් ලංකාවෙ විතරක් නෙමේ ලෝකයේම හැම ව්‍යසනයකදිම ඇති වන තත්වයක්. පරාර්ථයෙන් වියුක්තවෙලා ආත්මාර්ථය ලුහුබැඳයාමේ තත්ත්වයක්. පරිබෝජනවාදී, ගෝලියකරණයෙ හැංගිච්ච අමනුස්සකම් වල ප්‍රතිඵලයක්. මේක හැම වෙලාවෙමසිද්ධ වෙන සාමාන්‍ය දෙයක්. මට මෙතනදි අමුතු අදහසත් නෑ. මේක ඇත්තෙන්ම වැරදියි. මේ අස්සෙ මාස්ක් නිකං බෙදන අලි බබා සමාගමේ ප්‍රධානියාගේ ඉදම්ම ලංකාවේ ගම්වල නිකං කොස් පොළොස් ටික කඩාගෙන ඇවිත් නගරයෙ බෙදාහරින කුඩා මිනිහ දක්වා වන යහපත් මිනිස්සු ඉන්න සමාජය කොන් කරල දාන එකේ නරක ප්‍රතිඵලය තමයි මේක. ඔබට අත්දැකීම් ඇති මේ වෙලාවෙ 1500 බඩු මල්ල 2000 ට විකුණන මුදලාලි අපිට ඉන්නෙ. ඒ හැම තැනම තියෙන්නෙ ගෝලීයකරණය වීමේ දරුණු විස, පරිභෝජනවාදයේ, ධනවාදයේ දරුණු විස. ඒක ගමේ මුදලාලි කෙනෙක් කරත් ඔන්ලයින් බිස්නස් කරන මහත්තයෙක් කරත් වැරදියි.

කොරෝනා වෛරසයට බයේ හැංගෙන්න තැනක් නෑ.කොහේ හිටියත් මරණය උරුම නම් අපිට ඒක විඳ දරාගන්න වෙනවා. එවන් මොහොතක අපේ මිනිස්සු ජාති භේදවලට මරා ගන්නවා. ඇත්තටම අපේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ ඇයි.?

මේක අපේ රටේ දේශපාලන කරුමයක්. මේක මවපු දෙයක්. අපේ සිංහල මුස්ලිම් හෝ දෙමළ බේදයක් තියෙන්නෙ පටු දේශපාලන අරමුණු වල විතරයි. මිනිස්සු තක්කඩි නිසා එයාල මේක තේරුම් ගන්නෙ නැතිව කරේ තියාගෙන දුවනව. අපිට කොරෝනා තව අවුරුද්ද, දෙකක්,තුනක් ගිහිල්ල හරි ලෝකෙම්ම තුරන් කරල දාන්න පුළුවන් වෙයි. හැබැයි ජාතිවාදය ආගම්වාදයවගේ වෛරස් ලෙඩ කරන්නෙ සමාජ දේහයේ මනස. ඉතිං ඒ තුවාල වෙන මනස කවමදාවත් සුවපත් කරගන්නවෙන්නෙ නැහැ. කොරෝනා ජාති ආගම් පන්ති, තානාන්තර නැතිව ලෝකෙටම එන ඇත්ත ලෙඩක් වුනත්අපේ බොරු මිනිස්සු ටික දේශපාලන වාසි ගන්න උත්සාහකරනව. ඒව සමාජගත කරන්නෙ රටේ ප්‍රධාන නාලිකා, ප්‍රධාන වෙබ් අඩවි, ප්‍රධාන ජාතික තලයේ පුවත් පත්. මේක දේශපාලන කරුමයක් කියල මිනිස්සු තේරුම් ගන්න ඕන. අමතක කරන්න එපා මැතිවරණයක් ලංවෙද්දිම අපේ රටේ ආගම්, ජාති ප්‍රශ්නයක් ඇදනෙවමයි කියල.

රට පුරා ඇඳිරි නීතිය දැම්මත් අපේ මිනිස්සු ඒක කඩනවා. එහේ මෙහේ යනවා. අපිට බැරිද ඒ මිනිස්සු බුදුදහම මඟින් හීලෑකරන්න. ඒ ගැන අදහසක් තියෙයිද.?

බුදු දහමෙන් එක පාර මිනිස්සු හීලෑ කරන්න බුදු දහම කියන්නෙ මායාවත් නෙමෙයි. මේක අවුරුදු ගානක් ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. එහෙම තියෙද්දි මාසයක්ඇතුළත බුදු දහමෙන් මිනිස්සු හීලෑ වෙන්නෙ නැහැ. මම මේ නීති කඩන අය ගැන තියෙන අදහස ටිකක් විස්තර කරන්නම්. මේ වෙලාවෙ කන්ඩ නැතිව ගෙදර ඉන්න බැරිමිනිස්සු ඉන්නව. බුදුන්වහන්සේ සැරයක් පෙන්වල දෙනව. “ඒක නාමකිං? සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා කියල” මිනිස්සුන්ගෙ පලවෙනි දේ බඩගින්න. මේ බඩගින්නට උත්තරයක් ලැබෙන්නැත්තං ඒ අය නීති කඩන්න පටන්ගන්නව. ඉතිං මම කියන්නෙ මේ අපිට පේන්න තියෙන්නෙනිසි වැඩපිළිවෙලක් තුළ මානව සම්පත කළමනාකරණයනොවීමේ විපාකය කියලයි. කෝටි දෙක හමාරක් විතරමිනිස්සු ටිකක් ඉන්න රටකට චීනෙත් මෙහෙමයිඇමරාකාවෙත් මේ අඩුපාඩු තියෙනව කියල නිදහස්වෙන්න බෑ. ඒක කළමනාකරණය කරගන්න රටේ නායකයො දැන ගන්න ඕන. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වෙන විදිය ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. පාරෙ ඇවිදින මිනිස්සුන් අත්අඩංගුවට ගත්තට දේශපාලකයො විසින් කරන මහජන හමුවීම් වගේ දේවල් අපි මාධ්‍ය තුළින් දැක්ක. ඔබ දන්නව ඇති ලංකාවෙ මිනිස්සුන්ට ඇඳිරිනීතිය දැන් විහිළුවක් වගේ දෙයක් බව. හේතුව නීතිය පුද්ගලයාට අනුව වෙනස්වීම. ඉතින් මේකට බුදුදහමට දොස් කියල හෝ බුදු දහමෙන් මිනිස්සු හීලෑ කරන්න හදනවට වඩා දේශපලන, අර්ථික, සාමාජීයඋත්තරයකින් මේ වෙලාවෙ මිනිස්සුන්ව හීලෑ කරගන්න පුළුවන්. ආරක්ෂාවෙදී මිනිස්සුංගෙ සනීපාරක්ෂාවත්වැදගත් දෙයක්. සනීපාරක්ෂාව නැති වෙද්දි තමයිමිනිස්සු වැඩියෙම්ම නීති කඩන්න උත්සාහ ගන්නෙ. නමුත් රජය කරන්න පුළුවන් විදියට කරල තියෙන වැඩපිළිවෙලටවත් සහාය නොදී එක්ව කොරෝනා වෛරසය මර්ධනය කරමු කියන තැන නොයිද එළිබහින, ඇඳිරිනීති අවස්ථා කඩ කරන මිනිස්සුන්ට නීතියෙන්දඩුවම් දිය යුතුයි.

ඉස්සරහට එන්නේ පොසොන් සහ ඇසළ. අපි දන්නවා අපේ මිනිස්සු ඒ උත්සව මහා ඉහළින්සමරනවා. ඒත් කොරෝනා හින්දා ඒ ගැන මෙවර තියෙන්නේ සැකයක්. ඒ දිනවලත් කොරෝනා තිබුනොත් මිනිස්සු පොසොන් සමරන්න ඕනේ කොහොමද.?

අපේ රටේ පහුගිය දවස්වල සිංහල අලුත් අවුරුද්ද රජයදීල තිබුන උපදෙස් මතම නිවැරදිව සැමරුව. අන්න ඒවගේම වෙසක්, පොසොන්,ඇසළ සැමරුවොත් වටිනව. ගිය අවුරුදු වල වෙසක් පොසොන් වෙද්දි ගං වතුර. ඒවෙලවෙත් අපේ මිනිස්සු වෙසක් උත්සව නොකර කෑම අරන් විපතට පත් මිනිස්සුන්ව හොයාගෙන ගියා. ඒ අය එක්ක අත්වැල් බැදගත්ත. එහෙම හික්මීමක් අපේ සමාජයට තියෙනව. මගෙ එකම පැතුම නම් පොසොන් වෙනකල් මේ තත්ත්වය දුරදිග යන්න එපා කියන එක. ඒත් මම හිතන්නෑ මේ තත්ත්වය එච්චරඉක්මනින් යහපත් අතට හැරෙයි කියල. ⁣පොසොන් වෙද්දි දැන් අවුලක් නෑ එළියට එන්න, වැඩකරන්න. කියල සහතික දෙන්න හැදුවත් අපේ ආරක්ෂාව තියෙන්නෙ අපේ අතේ බව නිතරම අපිට හිතන්න වෙලාතියෙනව.

අවසාන වශයෙන් අපේ හාමුදුරුවන්ට කොරෝනා මේ රටෙන් තුරන් කරන එක ගැන හෝ අපේ රටේමිනිස්සුන්ට කියන්න දෙයක් තියෙයිද.?

කොරෝනා ගැන අදහස් දක්වන්න මම වෛද්‍යවරයෙක්හෝ විද්‍යාඥයෙක් නෙමෙයි. ඒත් මිනිස්සුන්ට කියන්නදෙයක් තියෙනව. ඔබට දිගු ⁣විවේකයක් මේ වෙද්දි ලැබිලතියෙනව. ඒ විවේකය ඵලදායී කරගන්න. ඔබේ දරුවන්, පවුල එක්ක මුහු වෙන්න. ඒ අය කවුද කියල දැනගන්න බිසී අපිට අවස්ථාවක් ලැබිල තියෙනව. ඉතින් එයාල එක්ක කාලය ගත කරන ගමන් නිතරම කල්පනා කරන්නඅපිට මොකද වුනේ කියල. ලෝකයෙ පරිසර වෙනස්කම් ගැන සංවේදී වෙන්න. අවුරුදු ගනන් හිරකරන් ඉන්න සත්තව උද්‍යාන ගැන ඇස් ඇරල කල්පනා කරන්න. ලෝකය කියන්නෙ අපිට කැමති විදියට හදාගන්න පුළුවන්දෙයක් නෙමේ, ලෝකයා කියන්නෙ මිනිස්සුන්ට විතරක් නෙමේ කියල ඔබ කල්පනා කරන්න. අනාගතයේ අපි මොන වැඩේ කරත් ඒ වැඩේ කරන්න ඕන මොන විදියටද කියල කල්පනා කරන්න. සිහියෙන් බුද්ධිය මෙහෙයවා ගන්න. ඕනෑම ව්‍යසනකාරී අවස්ථාවක වුනත්හදවතේ තියන සුන්දර දේවල් බිල්ලට නොදී ලගම තියා ගන්න.

උපුටා ගැනීම lankatarget.com

leave a reply