රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකුගෙන් කවි පොතක්

ශ‍්‍රී ලංකා විදේශ සේවයේ ජේෂ්ඨ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකු වූ කපිල ෆොන්සේකා ‘‘තුරු හිසින නික්මී’’ නමින් කවි පොතක් එළි දැක්වීම එක් අතකින් පුදුම සහගත වනවා මෙන්ම සතුටු විය යුතුද ආඩම්බර විය යුතු ද කරුණක් වෙයි. අවිවේකී රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු අතින් කවියක් ලියවීම පුදුමය ගෙන දුන්නද එවැනි නිලධාරියකු තුළ සිටින මුදු සිතැති කවියා අප ආදරයෙන් වැළඳ ගත යුතුය.

ශ‍්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා ලෙස ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කළ කපිල ෆොන්සේකා එහි දී ලද අත්දැකීම් මෙන්ම උතුර දකුණ යුද්ධය ප්‍රේමය ආදී බොහෝ දේ සිය කවියට විෂය කර ගනී. ඔහුගේ භාෂාව නැවුම්ය. වස්තු විෂය අපූර්වය.

රාජ්‍ය තන්ත‍්‍රය නම් තුරු හිසින් කවියෙක් වී ඔහු පොළොවට බසින දින ඔබ පැමිණීය යුතුය.

දිනය ඔක්තෝබර් 26වන දාය. ස්ථානය ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මණ්ඩලීය ශ‍්‍රවණාගාරයයි. සවස 4ට කපිල සමඟ ඔබ හමුවන්නේ ප‍්‍රවීණ කවීන් සහ විචාරකයින් වන  සුනිල් සෙනවි සහ  චූලානන්ද සමරනායකයි. මෙහෙයවීම කවියක් කරන්නේ සමන් අතාවුදහෙට්ටිය.
ඉතිං, ඔබ පැමිණිය යුතුමය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...