රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකුගෙන් කවි පොතක්

ශ‍්‍රී ලංකා විදේශ සේවයේ ජේෂ්ඨ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකු වූ කපිල ෆොන්සේකා ‘‘තුරු හිසින නික්මී’’ නමින් කවි පොතක් එළි දැක්වීම එක් අතකින් පුදුම සහගත වනවා මෙන්ම සතුටු විය යුතුද ආඩම්බර විය යුතු ද කරුණක් වෙයි. අවිවේකී රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු අතින් කවියක් ලියවීම පුදුමය ගෙන දුන්නද එවැනි නිලධාරියකු තුළ සිටින මුදු සිතැති කවියා අප ආදරයෙන් වැළඳ ගත යුතුය.

ශ‍්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා ලෙස ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කළ කපිල ෆොන්සේකා එහි දී ලද අත්දැකීම් මෙන්ම උතුර දකුණ යුද්ධය ප්‍රේමය ආදී බොහෝ දේ සිය කවියට විෂය කර ගනී. ඔහුගේ භාෂාව නැවුම්ය. වස්තු විෂය අපූර්වය.

රාජ්‍ය තන්ත‍්‍රය නම් තුරු හිසින් කවියෙක් වී ඔහු පොළොවට බසින දින ඔබ පැමිණීය යුතුය.

දිනය ඔක්තෝබර් 26වන දාය. ස්ථානය ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මණ්ඩලීය ශ‍්‍රවණාගාරයයි. සවස 4ට කපිල සමඟ ඔබ හමුවන්නේ ප‍්‍රවීණ කවීන් සහ විචාරකයින් වන  සුනිල් සෙනවි සහ  චූලානන්ද සමරනායකයි. මෙහෙයවීම කවියක් කරන්නේ සමන් අතාවුදහෙට්ටිය.
ඉතිං, ඔබ පැමිණිය යුතුමය.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...