වෙසක් සඳ නොදුටු කලිහාරී

වෙසක් පුර චන්ද්ර අහසට ඇවිත් ගියා ද
නැගෙනහිරට වී මුහුදේ එබී උන්නි ද
කලිහාරි මල වන්නිය සුවඳ කළා ය
එ මලේ පෙති කීරි ගසා කිලිටි කළා ය

පණිවිඩ ගෙන නිදහස ගැන හීන කියූ
යුද්ධයක් මැදට වැටුනම ඉරනම නපුරූ
මරණයට උනත් දහමක් රුපු බිම බිහි වූ
මිලින කළ මලකි බිය කී ඇස් සඳු නොදුටූ

වෙසක් පුර චන්ද්ර අහසට ඇවිත් ගියා ද
නැගෙනහිරට වී මුහුදේ එබී උන්නි ද
කලිහාරි මල වන්නිය සුවඳ කළා ය
එ මලේ පෙති කීරි ගසා කිලිටි කළා ය

සිනා වියරු ජාගර හිත් නිමේෂයක සැනහී
ජාතියේ කුසුම විස රොන් අරන් කඩා වද දී
බැඳි දෑත පිටු පසින් සංහාරයට පිරිත් පැන් දී
සඳ හැංගුණා ද මුහමලයේ විලාපයට බිය වී

වෙසක් පුර චන්ද්ර අහසට ඇවිත් ගියා ද
නැගෙනහිරට වී මුහුදේ එබී උන්නි ද
කලිහාරි මල වන්නිය සුවඳ කළාය
එ මලේ පෙති කීරි ගසා කිලිටි කළා ය

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...