වෙසක් සඳ නොදුටු කලිහාරී

වෙසක් පුර චන්ද්ර අහසට ඇවිත් ගියා ද
නැගෙනහිරට වී මුහුදේ එබී උන්නි ද
කලිහාරි මල වන්නිය සුවඳ කළා ය
එ මලේ පෙති කීරි ගසා කිලිටි කළා ය

පණිවිඩ ගෙන නිදහස ගැන හීන කියූ
යුද්ධයක් මැදට වැටුනම ඉරනම නපුරූ
මරණයට උනත් දහමක් රුපු බිම බිහි වූ
මිලින කළ මලකි බිය කී ඇස් සඳු නොදුටූ

වෙසක් පුර චන්ද්ර අහසට ඇවිත් ගියා ද
නැගෙනහිරට වී මුහුදේ එබී උන්නි ද
කලිහාරි මල වන්නිය සුවඳ කළා ය
එ මලේ පෙති කීරි ගසා කිලිටි කළා ය

සිනා වියරු ජාගර හිත් නිමේෂයක සැනහී
ජාතියේ කුසුම විස රොන් අරන් කඩා වද දී
බැඳි දෑත පිටු පසින් සංහාරයට පිරිත් පැන් දී
සඳ හැංගුණා ද මුහමලයේ විලාපයට බිය වී

වෙසක් පුර චන්ද්ර අහසට ඇවිත් ගියා ද
නැගෙනහිරට වී මුහුදේ එබී උන්නි ද
කලිහාරි මල වන්නිය සුවඳ කළාය
එ මලේ පෙති කීරි ගසා කිලිටි කළා ය

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...