මාලනීට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාදීම වරදක් නෙමෙයි – පුබුදු ජයගොඩ 

අද කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා මාලනී ෆොන්සේකාට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දුන් බව පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කිරීමෙන් ඇයට අගතියක් සිද්ධ වුණා නේද කියන එක සම්බන්ධයෙන් . ඒ ගැන දැන්වත් ආණ්ඩුව පැත්තෙන් නලින්ද ජයතිස්ස ඇමතිවරයා කනගාටුව ප්‍රකාශ කරන්න සූදානම් නැද්ද කියන එකත් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළා .

කෙසේ වෙතත් නලින්ද ජයතිස්ස මධ්‍යවේදියාගේ ප්‍රශ්නයට නිසි පිළිතුරක් නොදී ඔහු ප්‍රකාශ කර සිටියේ තමන් විසින් ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් අයගේ නාම ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකළ බව පමණයි . එමෙන්ම රාජ්‍ය ගෞරවය සහ රාජ්‍ය අනුග්‍රහය පිළිබඳව මතුව ඇති ගැටලුවට ද පිළිතුරක් බලාපොරොත්තුවෙන් මධ්‍යවේදීන් ප්‍රශ්න නැගුවද ඔහු ඒ ප්‍රශ්නයේදී ප්‍රකාශ කර සිටියේ පවුලේ අයගේ අනුදැනුම මත ඔවුන්ගේ ද අභිමතරය පරිදි මාලනී ෆොන්සේකා නම් විශිෂ්ට රංගනවේදිනීයගේ අවසන් කටයුතු සිදු කළ බවයි .

Share post:

Popular

වෙනත් පුවත්

උතුරේ තවත් ලේඛකයෙකුගේ පොතක් රේගුව රඳවාගෙන

උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්‍රී ලංකා රේගුව...

පොලිස් ඇමතිගෙ පම්පෝරි විතරයි – ඉෂාර ඝාතනය කළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන නැහැ

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී මියගිය...

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...