මාලනීට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාදීම වරදක් නෙමෙයි – පුබුදු ජයගොඩ 

අද කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා මාලනී ෆොන්සේකාට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දුන් බව පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කිරීමෙන් ඇයට අගතියක් සිද්ධ වුණා නේද කියන එක සම්බන්ධයෙන් . ඒ ගැන දැන්වත් ආණ්ඩුව පැත්තෙන් නලින්ද ජයතිස්ස ඇමතිවරයා කනගාටුව ප්‍රකාශ කරන්න සූදානම් නැද්ද කියන එකත් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළා .

කෙසේ වෙතත් නලින්ද ජයතිස්ස මධ්‍යවේදියාගේ ප්‍රශ්නයට නිසි පිළිතුරක් නොදී ඔහු ප්‍රකාශ කර සිටියේ තමන් විසින් ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් අයගේ නාම ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකළ බව පමණයි . එමෙන්ම රාජ්‍ය ගෞරවය සහ රාජ්‍ය අනුග්‍රහය පිළිබඳව මතුව ඇති ගැටලුවට ද පිළිතුරක් බලාපොරොත්තුවෙන් මධ්‍යවේදීන් ප්‍රශ්න නැගුවද ඔහු ඒ ප්‍රශ්නයේදී ප්‍රකාශ කර සිටියේ පවුලේ අයගේ අනුදැනුම මත ඔවුන්ගේ ද අභිමතරය පරිදි මාලනී ෆොන්සේකා නම් විශිෂ්ට රංගනවේදිනීයගේ අවසන් කටයුතු සිදු කළ බවයි .

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...