පලස්තීනය තුළ අධිරාජ්‍යවාදීන් කරන්නේ ජන සංහාරයක් 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සැප්තැම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී පැවැත්වීමට නියමිතයි .  මේ සමුළුවට සහභාගි වීමට පලස්තීන නියෝජිතයින්ට අවස්ථාවක් නැහැ.  ඊට බලපෑ හේතුව වන්නේ ඇමරිකාවට ඇතුල් වීම වලක්වා පලස්තීන ගමන් බලපත්‍ර සඳහා වීසා ලබා දීම ඇමරිකාව නවතා දමා  දැමීමයි . මේ ක්‍රියාවලිය ද පලස්තීනුවන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමක් . ඔවුන්ට එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියෙ දී අදහස් දැක්වීමට තිබුණු අවස්ථාව අවහිර කිරීමක් .

ඊශ්‍රායලය සහ ඇමරිකාව මේ වන විටත් ගාසා තීරයේ බරපතල සංහාරයක් සිදු කරමින් සිටිනවා . එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය තුළ මේ පිළිබඳව කරුණු  හෙළිවීම ඇමරිකාවටත් ඊශ්‍රායලයටත් ලැජ්ජාවට හේතුවක් වනවා වගේම මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ලෝකය හමුවේ වරදකරුවන් වීමට සිද්ධ වීමක්.  

ේ ඇමරිකාවේ අත්තනෝමතික ක්‍රියාවලිය නවතා දැමීමට එක්සත් ජාතීන් ඇතුලු ලෝක මානව හිමිකම් සංවිධාන පවා  අද අසමත්ව සිටිනවා .

ඊය සැප්තැම්බර් 06 වැනිදා ලෝක මට්ටමින් පලස්තීන නිදහස පතා ඇමරිකානු ඊශ්‍රායල් ම්ලේච්ඡත්වයට එරෙහිව විරෝධතා පවත්වනු ලැබුවා .  ලොව පුරා ප්‍රගතිශීලීන් සමග එක්ව මේ සංහාරයට එරෙහි වීම කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවති ඒකාබද්ධ විරෝධතාවය අතරතුර අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා .

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...