Breaking News

පලස්තීනය තුළ අධිරාජ්‍යවාදීන් කරන්නේ ජන සංහාරයක් 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සැප්තැම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී පැවැත්වීමට නියමිතයි .  මේ සමුළුවට සහභාගි වීමට පලස්තීන නියෝජිතයින්ට අවස්ථාවක් නැහැ.  ඊට බලපෑ හේතුව වන්නේ ඇමරිකාවට ඇතුල් වීම වලක්වා පලස්තීන ගමන් බලපත්‍ර සඳහා වීසා ලබා දීම ඇමරිකාව නවතා දමා  දැමීමයි . මේ ක්‍රියාවලිය ද පලස්තීනුවන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමක් . ඔවුන්ට එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියෙ දී අදහස් දැක්වීමට තිබුණු අවස්ථාව අවහිර කිරීමක් .

ඊශ්‍රායලය සහ ඇමරිකාව මේ වන විටත් ගාසා තීරයේ බරපතල සංහාරයක් සිදු කරමින් සිටිනවා . එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය තුළ මේ පිළිබඳව කරුණු  හෙළිවීම ඇමරිකාවටත් ඊශ්‍රායලයටත් ලැජ්ජාවට හේතුවක් වනවා වගේම මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ලෝකය හමුවේ වරදකරුවන් වීමට සිද්ධ වීමක්.  

ේ ඇමරිකාවේ අත්තනෝමතික ක්‍රියාවලිය නවතා දැමීමට එක්සත් ජාතීන් ඇතුලු ලෝක මානව හිමිකම් සංවිධාන පවා  අද අසමත්ව සිටිනවා .

ඊය සැප්තැම්බර් 06 වැනිදා ලෝක මට්ටමින් පලස්තීන නිදහස පතා ඇමරිකානු ඊශ්‍රායල් ම්ලේච්ඡත්වයට එරෙහිව විරෝධතා පවත්වනු ලැබුවා .  ලොව පුරා ප්‍රගතිශීලීන් සමග එක්ව මේ සංහාරයට එරෙහි වීම කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවති ඒකාබද්ධ විරෝධතාවය අතරතුර අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා .

leave a reply