යුගදනවි බලගාර ගිවිසුම ගැන ආණ්ඩුවේ මත ගැටුම උග්‍ර වෙයි

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ගිවිසුමකින් පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ අතර බරපතල දේශපාලන මත ගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් ආණ්ඩුවට ප්‍රසිද්ධියේ විරෝධය පළ කර ඇත .

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වන , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය,අපේ ජන බල පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් මෙම ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් වහා සාකච්ඡාවක් ලබා දෙන්නැයි ඉල්ලා ආන්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් පිටු තුනකින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යවා ඇති බවද ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙම ගිවිසුම යළි සලකා බලන්නැයි එම ලිපිය මගින් ඉල්ලීමක් කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

ගෑස් බෙදා හැරීමේ ඒකාධිකාරය මෙම ගිවිසුම හරහා එක් සමාගමකට පැවරීම බරපතල තත්වයක් බව ද, එම ලිපිය මගින් දැනුම් දී ඇතැයි දැනගන්නට තිබේ .
අපේ ජනබල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානයක්කාර ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ ,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ටිරාන් අලස් ,ගෙවිඳු කුමාරතුංග, අසංක නවරත්න යන අය මෙම ලිපියට අත්සන් ලබා ඇතැයි ද වාර්තා වේ

එම පිරිස අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ද ඉකුත් බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේ දි මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ නමුත් එම සාකච්ඡාව ද අසාර්ථක විය .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...