ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාස පෙදෙසින් කොරෝනා රෝගීන් හමුවේ.

Dharavi යනු බොම්බාය නගරයේ පිහිටි ආසියාවේ විශාලතම මුඩුක්කුව ලෙස හඳුන්වන ප්‍රදේශයයි.වර්ග කිලෝ මිටරයකට ජනගහනය 248000 ක් පමණ එහි ජීවත්වේ. මෙම ප්‍රදේශයේ සම්පූර්ණ ජනගහනය මිලියනයකට වඩා වැඩි බව වාර්තාවේ. එය නිව් යෝර්ක් නගරයේ වර්ග කි.මී. ජීවත්වන ජනගහණය මෙන් 30 ගුණයක විශාලත්වයකි. අද දින එම මුඩුක්කු සංකීර්ණයෙන් ප්‍රථම කොරෝනා ආසාදිතයා වාර්තා විය. එම සිදුවීමත් සමගම ඉංදීය වෛද්‍යවරු බෙහෙවින් කනස්සල්ල පළ කර අතර මෙතැන් සිට ඉංදියාව දැවැන්ත අර්බූධයකට ගමන් කරන බව පවසයි. රෝගියා වාර්තා වූ එම මුඩුක්කු නිවාස සංකීර්ණයේ නිවාස 200 ක් පමණද කඩ සාප්පු ගණනාවක්ද මේ වනවිට ආරක්ෂිත කළාපයක් බවට පත් කර ඇත. ආසාදිත පුද්ගලාගේ නිවැසියන් ද කොරෝනා පරික්ෂණයට යොමු කර ඇත. ඉංදියාව පුරා විසිරී ඇති මෙවැනි අති විශාල ජනගහණයක් වසන මුඩුක්කු නිවාස අතර වෛරසය පැතිර ගියහොත් පාලනය කිරීම සිහිනයක් බව වෛද්‍යවරුන්ගේ මතයයි.

මීට දින කිහිපයකට පෙර නවදිල්ලි නගරයේ පැවති Tableegi Jamat ආගමික උත්සවයකට සහභාගි වූ 154 දෙනෙකු හට මේ වනවිට වෛරස ආසාදනය වී ඇත. අද දිනය තුල රෝහල් ගත කල 230 දෙනා සමග ඉංදියාව තුල නිශ්චිතව හඳුනා ගත් ආසාදිතයින් ගණන 2,547 කි. එරට අද වනවිට මරණ 62 ක් සිදුව ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...