පසුගිය අප්‍රේල් මාසයේ අවසන් කාලයේ වාර්තාවූ පුවතකින් කියවුණු විදිහට ඇඳිරි නීතිය අස්සෙම ගල්කිස්ස මුහුදු තිරයේ කොටසක් වැලි පුරවා ගොඩ කර තිබුණා. වෙරළ සංරක්ෂණ දෙපර්තම්නේතුව සඳහන් කර තිබූ ආකාරයට මෙලෙස වෙරළ තිරය වැලි දමා ගොඩකිරීමට හේතුව වෙරළ ඛාදනය නැවත්වීම. තවත් තැනක කියලා තිබුණු ආකාරයට මෙලෙස කෘතීම වෙරළ තිරයක් නිර්මාණය කිරීමේ අරමුණ ධීවර කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම. මෙයින් සිදුවිය හැකි පාරිසරික බලපෑම ගැන කිසිම තැනක කතා බහ වුනේ නැහැ. කෙසේවෙතත් කොරෝනා වසංගතය පැතිරීම උග්‍ර වීමත් එක්ක මේ කෙරෙහි තිබෙන අවධානයත් අඩුවී ගියා. නමුත් සිදුවූ පාරිසරික හානිය එසේමයි.
මේ නිසා ගල්කිස්ස මුහුදු තීරය ගොඩ කිරීම පිළිබඳ මතුව ඇති තත්ත්වය පිළිබඳ ‘විවර’ පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම්ගෙන් විමසා සිටියා. පහත දැක්වෙන්නේ ඔහු පළකරන ලද අදහසයි.
“ගලකිස්ස මුහුදු තීරණය පිරවීම සඳහා වැලි ලබාගෙන තියෙන්නෙත් මුහුදෙන්මයි. ඒ හරහා මුහුදේ ඇතිවූ හිඩැස පිරවෙන්න නැවත මුහුද ඛාදනය වීමෙනුයි. මේ ස්ථානය ගල්වැටි දමා කොන්ක්‍රීට් දමා ආරක්ෂා කළත් වෙනත් ස්ථානයක වෙරළ ඛාදනය වෙලා වැලි ලබාගත්ත තැන පිරෙනවා. අනික මේ ආකාරයට වැලි ගොඩ දැමීම නිසා මුහුදු මත්ස්‍ය බිත්තර විනාශ වීමටත් එය බලපානවා. ගල්කිස්ස මුහුදු තීරය වැඩිපුරම ඛාදනය වීමට පටන් ගත්ත වරාය නගරයට අවශ්‍ය වැලි හැරීමත් එක්ක. එක්පැත්තකින් කළුතරට වෙනකම් අනිත් පැත්තෙන් ආනවිලුන්දාව වෙනකම් බටහිර මුහුදු තීරණය ඛාදනය වෙන්න පටන් ගත්තා.
මේ ආකාරයට වැලි පිරවීම නීතිමය වශයෙන් ගත්තත් වැරදියි. කොළඹ සිට කළුතර දක්වා මුහුදු තිරයේ මීටර් 500පමණ අට තුලට සුනාමි අවදානම් කලාපයක් වෙන්කර තියෙනවා. ඒවගේම වෙරළ සංරක්ෂණ දෙපර්තම්නේතුවේ වෙරළ සංරක්ෂණ ආඥා පනත අනුව වෙරළ ගොඩ කිරීමේදී පරිසර තක්සේරු වාර්තාවක් ලබාගත යුතුයි. ඒ අවසරය ලැබෙන්නේ අත්‍යවශ්‍ය කාරණයක් සඳහා පමණි. ඒ අවසරය ලබා ගැනීමේදී පරිසර තක්සේරු වාර්තාවට අමතරව මහජන අදහස් විමසීමත් සිදුකළ යුතුයි. නමුත් මෙම ව්‍යපෘතිය සඳහා එවැනි කිසිවක් සිදුකර නැහැ. මේ හරහා ජාතික පාරිසරික පනත සහ වෙරළ සංරක්ෂණ පනත යන දෙකම උල්ලංඝණය වෙලා. “