හෙට (මැයි 06) රට පුරා හර්තාල්

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් හෙට (මැයි 06) වැනිදා පැය 24ක හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන මේ වන විට සැරසී සිටියි.

පැවැත්වීමට නියමිත පැය 24ක හර්තාලය, සහ දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනයට පිළිතුරු නොදෙන්නේ නම්, ආණ්ඩුව ගෙදර යන තුරු විවිධ ක්‍රියාකාරකම් සිදුකිරීමට නියමිත බව වෘත්තීය සමිති පවසයි.

හර්තාලය සඳහා සහාය පළකර ඇති වෘත්තීය සමිති හ සිවිල් සංවිධාන සංඛ්‍යාව 2000කට අධික ය. සෞඛ්‍ය, ප්‍රවාහන, දුම්රිය, විදුලි, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති සිය ගණනක් ඊට අයත් වේ.

හර්තාල්, විරෝධතා ව්‍යාපාරය, සහ වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම සඳහා සියලුම නිවාසවල හා ගොඩනැගිලිවල ද කළු කොඩි ප්‍රදර්ශනය කරන්නැ යිද, කඩ සාප්පු, වැඩබිම්, කම්හල් වසා දමා ලඟම නගර වෙත රැස්වී විරෝධයේ යෙදෙන ලෙස ද වෘත්තීය සමිති ඉල්ලා සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ගේ වැනෙන ප්‍රශ්න 

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න...

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි...

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30...

PSTA සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ලබාදුන් නිර්දේශ

ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’...