හෙට (මැයි 06) රට පුරා හර්තාල්

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් හෙට (මැයි 06) වැනිදා පැය 24ක හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන මේ වන විට සැරසී සිටියි.

පැවැත්වීමට නියමිත පැය 24ක හර්තාලය, සහ දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනයට පිළිතුරු නොදෙන්නේ නම්, ආණ්ඩුව ගෙදර යන තුරු විවිධ ක්‍රියාකාරකම් සිදුකිරීමට නියමිත බව වෘත්තීය සමිති පවසයි.

හර්තාලය සඳහා සහාය පළකර ඇති වෘත්තීය සමිති හ සිවිල් සංවිධාන සංඛ්‍යාව 2000කට අධික ය. සෞඛ්‍ය, ප්‍රවාහන, දුම්රිය, විදුලි, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති සිය ගණනක් ඊට අයත් වේ.

හර්තාල්, විරෝධතා ව්‍යාපාරය, සහ වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම සඳහා සියලුම නිවාසවල හා ගොඩනැගිලිවල ද කළු කොඩි ප්‍රදර්ශනය කරන්නැ යිද, කඩ සාප්පු, වැඩබිම්, කම්හල් වසා දමා ලඟම නගර වෙත රැස්වී විරෝධයේ යෙදෙන ලෙස ද වෘත්තීය සමිති ඉල්ලා සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...