Breaking News

ප්‍රංශය, කෑන්ස් චිත්‍රපට උළෙල කල් දමයි!

කොරෝනා වසංගතය හේතුවෙන් මැයි 12 වැනිදාප්‍රංශයේ පැවැත්වීමට නියමිත වූ 73 වැනි කෑන්ස් චිත්‍රපට උළෙල කල් දමන්නට තීරණය වී ඇතැයි වාර්තා වේ.

වාර්ෂිකව පැවැත්වෙන ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ මෙම චිත්‍රපට උළෙල මැයි 12 වැනිදා සිට 23 වැනිදා දක්වා දකුණු ප්‍රංශයේ කෑන්ස්(කාන්) නගරයේ පැවැත්වීමට නියමිතව තිබුණි. ප්‍රංශයේ වසාදැමීම් කාලය මැයි 11 දක්වා දීර්ඝ කරන බව ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්‍රොන් පැවසූ අතර ප්‍රසිද්ධ උත්සව ජූලි මස මැද භාගය දක්වා නොපැවැත්විය යුතු බව ද දැනුම් දී ඇත.

ඉන්පසුව චිත්‍රපට උළෙල ලබන ජූනි හෝ ජූලි මස පැවැත්වීමට අපේක්ෂා කරන බව සංවිධායකයෝ පවසා ඇති නමුත් නවතම නිවේදනය අනුව එම තීරණය වෙනස් කෙරෙන අතර සිනමා වෘත්තිකයන් සමග කරන සාකච්ඡාවකින් පසුව, වෙනස් ස්වරූපයකින් කෑන්ස් උළෙල සංවිධානය කිරීමට පියවර ගනු ඇත.

leave a reply