ප්‍රංශය, කෑන්ස් චිත්‍රපට උළෙල කල් දමයි!

කොරෝනා වසංගතය හේතුවෙන් මැයි 12 වැනිදාප්‍රංශයේ පැවැත්වීමට නියමිත වූ 73 වැනි කෑන්ස් චිත්‍රපට උළෙල කල් දමන්නට තීරණය වී ඇතැයි වාර්තා වේ.

වාර්ෂිකව පැවැත්වෙන ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ මෙම චිත්‍රපට උළෙල මැයි 12 වැනිදා සිට 23 වැනිදා දක්වා දකුණු ප්‍රංශයේ කෑන්ස්(කාන්) නගරයේ පැවැත්වීමට නියමිතව තිබුණි. ප්‍රංශයේ වසාදැමීම් කාලය මැයි 11 දක්වා දීර්ඝ කරන බව ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්‍රොන් පැවසූ අතර ප්‍රසිද්ධ උත්සව ජූලි මස මැද භාගය දක්වා නොපැවැත්විය යුතු බව ද දැනුම් දී ඇත.

ඉන්පසුව චිත්‍රපට උළෙල ලබන ජූනි හෝ ජූලි මස පැවැත්වීමට අපේක්ෂා කරන බව සංවිධායකයෝ පවසා ඇති නමුත් නවතම නිවේදනය අනුව එම තීරණය වෙනස් කෙරෙන අතර සිනමා වෘත්තිකයන් සමග කරන සාකච්ඡාවකින් පසුව, වෙනස් ස්වරූපයකින් කෑන්ස් උළෙල සංවිධානය කිරීමට පියවර ගනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...