Breaking News

කරාපිටිය දොස්තරගේ වැඩ තහනම් කළේ රෝගී ජීවිත ආරක්ෂා කිරීමට කතා කළ නිසා

කොරෝනා වංසගතයත් සමග කරාපිටිය රෝහලේ රෝගීන්ට මුුහුණපෑමට සිදුව තිබෙන දුෂ්කරතා සම්බන්ධයෙන් අදහස් දැක්වීම නිසා තමන්ගේ වැඩ තහනම් කර ඇති බවත්, කුමන බාධක පැමිණියත් කොරෝනා රෝගීන් සුවපත් කිරීම සදහා තමන් ලබාදෙන දායකත්වය කිසි ලෙසකින්වත් අඩු නොකරන බවත් කොරෝනා මරණ වැලැක්වීමේ එකමුතුවේ විධායක කමිටු සාමාජික, කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන අවධාරණය කරයි.

කොරෝනා වංසගතය හමුවේ අහිංසක රෝගී ජිවිත බේරා ගැනීමට තමන් සෑම විටම කටයුතු කරන බවද, රෝගී ජිවිත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කරන විට රෝහල් පාලන අධිකාරිය විසින් තමන් විවිධ වාට්ටුවලට මාරු කර යැවූ බවද වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන සිහිපත් කරයි. රෝගී ජීවිත අනතුරට ලක්වීම පිළිබද මාධ්‍යයෙන් අදහස් දැක්වූ වහාම කොරෝනා රෝගීන් ප‍්‍රතිකාර කරනු ලබන වාට්ටුවකට තමන් අනුයුක්ත කළ බවත්, එහිදී කොරෝනා මරණ අවම කර රෝගීන් සුවපත් කිරීම සදහා ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදුන් බවද වෛද්‍යවරයා සිහිපත් කළේය.දේශීය වෛද්‍යවරුන් සහ රසායන විද්‍යාඥයින් සමග එක්ව කොරෝනා වෛරසයට මුහුණදීම සදහා දේශීය ඖෂධසාරයන්ගෙන් යුත් කොරෝනා කරල සොයා ගැනීම තමන් දායකත්වය ලබාදුන්නේ අහිංසක රෝගී ජීවිත ආරක්ෂා කරගැනීමේ අරමුණින් බවද ඔහු සදහන් කළේය.

කරාපිටියේ කොරෝනා කරල සොයා ගැනීමට තමන් දායකත්වය ලබාදීම නිසා මේ ආකාරයට තමන්ගේ වැඩ තහනම් කර ඇති බවට සංවිධානාත්මක කණ්ඩායම් ව්‍යාජ ප‍්‍රචාරයක් රැුගෙන යන බවද, එම කරල නිසි ප‍්‍රමිතියකින් යුතුව නිපදවන බව මේ වන විට පැවැත්වූ සියලූම පරීක්ෂණවලින් තහවුරුවී ඇති බවද වෛද්‍යවරයා පවසයි. තමන්ගේ වැඩ තහනම සහ කරාපිටියේ කොරෝනා කරල අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවද ඔහු තරයේ අවධාරණය කළේය.
කොවිඞ් එන්නත ලබාගැනීමෙන් පසුව අතුරු ආබාධ ඇතිවූ පුද්ගලයින් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් ප‍්‍රකාශ කිරීම වෛද්‍යවරයාගේ වැඩ තහනමට ලක්වීමට හේතුවූ අනෙක් කරුණ වී තිබේ. රජයේ ප‍්‍රතිපත්තියක් විවේචනය කිරීම නිසා වැඩ තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ විසින් නිකුත් කළ ලිපියේ දැක්වේ.

කොවිඞ් එන්නත් ලබාගැනීමෙන් පසුව අතුරු ආබාධ ඇතිවූ පුද්ගලයින්ට ප‍්‍රතිකාර කිරීම සදහා වන සායන ලංකාවේ සෑම පළාතකම පවත්වා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වන නිශ්චිත දත්ත ඇතිව තමන් කරුණු ඉදිරිපත් කර ඇති බවත් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන පවසයි. ඒ සම්බන්ධයෙන් වන තහවුරු කළ හැකි දත්ත ඕනෑම අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන අවධාරණය කළේය.

leave a reply