ඔබගේ වාහනයට ධාවනය වන්නේ 95 Octene ලාම්පුතෙල් වලින් ද?

මා පසුගිය දිනක මුහුණ දුන් අත්දැකීමක් ඔබ සියලු දෙනාගේ අවධානය පිණිස මෙසේ සටහන් කරමි.

මෙය  මා හට විශාල ගැටලුවක් වූ බැවින්, මේ සම්බන්ධයෙන් මා වැඩි දුරටත් සොයා බැලූ අතර එවිට දැන ගන්නට ලැබුණේ මෙය උපක්‍රමශීලිව සිදු කරනු ලබන දෙයක් බවය. එනම්, ඉන්ධන පිරවුම්හල් මඟින් ඉන්ධන ලබා දීමේදී යතුරුපැදි හා ත්‍රීරෝද රථ සඳහා වෙනම ඉන්ධන පොම්පයක් ද මෝටර් රථ සඳහා තවත් වෙනත් පොම්පයක් ද භාවිතා කරන්නේ යතුරුපැදි හා ත්‍රීරෝද රථවලින් නිරන්තරයෙන් ඉන්ධන ඇදීම සිදු වන නිසා එහි වර්ණයේ ලොකු වෙනසක් කිරීමට අපහසු නිසාත් මෝටර් රථවලින් ඉන්ධන ඇදීමක් වැඩි වශයෙන් සිදු නොවන නිසා එය පාරිභෝගිකයාට දැන ගැනීමට ඇති ඉඩකඩ සීමා වීමත් නිසාය. ඒ තුළින් මෝටර් රථ භාවිතා කරන්නන් දැඩි අසාධාරණයකට මුහුණ පා ඇත.

එසේම, මා මෙම ඉන්ධන මාගේ මෝටර් රථයට ලබා ගත්තේ 95 Octene ඉන්ධන වශයෙනි. මෙම සිදුවීමට ඉන්ධන පිරවුම්හල වගකිව යුතු ද නැතිනම් රජය වගකිව යුතු ද යන්න නොදන්නා නමුත්, නොබෝ දිනකින් නියත වශයෙන් ම මෝටර් රථයේ Engine Repair එකක් කිරීමට සිදුවනු ඇත. කෙසේ වුවද, වර්තමානයේ පවතින උද්දමනයත් සමඟ ඒ සඳහා ද විශාල මුදලක් වැය කිරීමට සිදුවනු ඇත.

මාගේ අදහස වන්නේ, පෙරට වඩා වැඩි මුදලක් ද වැය කර තත්ත්වයෙන් බාල ඉන්ධන ලබා ගනිමින් කරදර රැසකට මුහුණ පෑමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. ඒ අනුව, මින් ඉදිරියට අප මෝටර් රථ සඳහා ඉන්ධන ලබා ගැනීමේදී මෝටර් රථයට ඉන්ධන පිරවීමට පෙර පළමු ලීටරය විනිවිද බෝතලයක් වෙත ගෙන එහි වර්ණය පරීක්ෂා කර බලා එහි වෙනසක් නොමැතිනම් මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම නුවණට හුරුය. අපගේ මුදල් ද රැගෙන මෝටර් රථයට ලාම්පුතෙල් ලබා දීමට විරුද්ධව නැඟී සිටීමට අයිතියක් සෑම අයෙකුටම ඇත. එබැවින් මෙයට විරුද්ධ වනවා ද නැතිනම් මුදල් ගෙවා මෝටර් රථයට ලාම්පුතෙල්ම ලබා ගන්නවා ද යන්න ඔබම තීරණය කළ යුතුය.

මාගේ මෝටර් රථයෙන් ලබා ගන්නා ලද පෙට්‍රල්වල වර්ණය දැක්වෙන ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලද පෙට්‍රල්වල වර්ණය වෙනස් වී ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් පහතින් දැක්වේ.

 

 

 

 

 

 

 

 

 

 

විශේෂ ලියුම් කරුවෙකි 

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...