මැරුණට මැරිලා නැති ඩෑන් ප්‍රියසාද්

ඩෑන් ප්‍රියසාද් වෙඩි තැබිමෙන් ජීවිතක්ෂයට පත් වු බවට මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවද ඔහු තවමත් ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා නැවත පවසා සිටියා.

ඒ් අනුව ඩෑන් ප්‍රියසාද් කොළඔ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව බුද්ධික මනතුංග මහතා පැවසුවා.

පොලීසිය මීට පෙර වාර්තා කළ වැරදි කරුණු සහිත පුවත පහතින්.

ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (22) රාත්‍රියේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල්නිවාස සංකිර්ණයේ සිදුවු වෙඩි තැබිමකින් තුවාල ලද ඩෑන් ප්‍රියසාද් කොළඔ ජාතික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා.

වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම වෙඩි තැබිමෙන් තව එක් පුද්ගලයෙක් සුලු තුවාල ලබා තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය සිදුකරනවා.

what news

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...