ශ්‍රී ලංකාව වටා ඇති නාවික සුන්බුන් මාසික දේශනය අද

ශත වර්ෂ ගණනාවක් පුරාවට ගවේෂකයන් වෙළඳුන් සහ ආක්‍රමණිකයන් ආකර්ෂණය කරගනිමින් ශ්‍රී ලංකාව පුරාණ සමුද්‍ර මාර්ගවල කේන්ද්‍රස්ථානය වී පැවතිණි. මිනිස් සංහතියේ සියලුම වික්‍රමාන්විතය මෙන්ම නොවැළැක්විය හැකි සේ සිදුවූ අත්වැරදීම් ද ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස දිවයින වටා මුහුදු පත්ලේ සැඟවී ඇති නාවික සුන්බුන් ගණනාවකි. ඒවා නොදැනුවත්වම වුවත් අපට ඉතිරි කර ඇත්තේ අපූරු උරුමයකි. අසමසම හා අද්විතීය සංස්කෘතික නිධානය අප අවට සාගර ගැඹුරේ වැතිර සිටි.  සමුද්‍ර පරිසර විද්‍යා දෘෂ්ටි කෝණයකින් බලන කල නාවික සුන්බුන් කෘතිම කොරල් පර බවට පත් වන බැවින්ද එම වාසස්ථාන බවට පත්කර ගන්නා විවිධ අපෘෂ්ඨවංශික සහ ගිලීගිය ව්‍යූහයන් නවාතැන් කරගනිමින් ඒ හරහා රැකවරණය සපයා ගන්නා මත්ස්‍ය සමූහයක් හේතුවෙන් ද මේවායේ වටිනාකම ඉතාමත්ම ඉහල ස්ථානයක පවතී. වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය බිහි වී ඇත්තේ මෙරට වන ජීවීන් සහ ස්වභාධර්මය නම් සමුද්‍රීය පරිසර පද්ධතිය සහ ඒවායේ වෙසෙන ජීවීන් ද ඇතුලුව සියල්ල සුරක්ෂිත කිරීමේ අරමුණිනි.

ශ්‍රී ලංකාව වටා ඇති නාවික සුන්බුන් මේ පිළිබඳව zoom තාක්ෂණය ඔස්සේ කෙරෙන දේශණයට  ඔබටත් සහභාගි විය හැකියි. 2022 ජනවාරි මාසේ 20  වෙනිදා සවස 6.00 ට.

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...