ශ්‍රී ලංකාව වටා ඇති නාවික සුන්බුන් මාසික දේශනය අද

ශත වර්ෂ ගණනාවක් පුරාවට ගවේෂකයන් වෙළඳුන් සහ ආක්‍රමණිකයන් ආකර්ෂණය කරගනිමින් ශ්‍රී ලංකාව පුරාණ සමුද්‍ර මාර්ගවල කේන්ද්‍රස්ථානය වී පැවතිණි. මිනිස් සංහතියේ සියලුම වික්‍රමාන්විතය මෙන්ම නොවැළැක්විය හැකි සේ සිදුවූ අත්වැරදීම් ද ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස දිවයින වටා මුහුදු පත්ලේ සැඟවී ඇති නාවික සුන්බුන් ගණනාවකි. ඒවා නොදැනුවත්වම වුවත් අපට ඉතිරි කර ඇත්තේ අපූරු උරුමයකි. අසමසම හා අද්විතීය සංස්කෘතික නිධානය අප අවට සාගර ගැඹුරේ වැතිර සිටි.  සමුද්‍ර පරිසර විද්‍යා දෘෂ්ටි කෝණයකින් බලන කල නාවික සුන්බුන් කෘතිම කොරල් පර බවට පත් වන බැවින්ද එම වාසස්ථාන බවට පත්කර ගන්නා විවිධ අපෘෂ්ඨවංශික සහ ගිලීගිය ව්‍යූහයන් නවාතැන් කරගනිමින් ඒ හරහා රැකවරණය සපයා ගන්නා මත්ස්‍ය සමූහයක් හේතුවෙන් ද මේවායේ වටිනාකම ඉතාමත්ම ඉහල ස්ථානයක පවතී. වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය බිහි වී ඇත්තේ මෙරට වන ජීවීන් සහ ස්වභාධර්මය නම් සමුද්‍රීය පරිසර පද්ධතිය සහ ඒවායේ වෙසෙන ජීවීන් ද ඇතුලුව සියල්ල සුරක්ෂිත කිරීමේ අරමුණිනි.

ශ්‍රී ලංකාව වටා ඇති නාවික සුන්බුන් මේ පිළිබඳව zoom තාක්ෂණය ඔස්සේ කෙරෙන දේශණයට  ඔබටත් සහභාගි විය හැකියි. 2022 ජනවාරි මාසේ 20  වෙනිදා සවස 6.00 ට.

 

Share post:

Popular

වෙනත් පුවත්

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...

හෝමාගම පොලිසියේදී සිදුවූ ඝාතනයට එරෙහිව උද්ඝෝෂණ තහනම්

හෝමාගම පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී මියගිය බවට සැක...

කාවන්තිස්සගේ පස්චාත් මරණ පරීක්ෂණය

මෙරට වනාන්තරවල දිවි ගෙවූ උසම දළ ඇතා ලෙස බොහෝ...