Breaking News

වාද්දුව පොතුපිටියේ කාන්තාවක් ගෑස් සිලින්ඩරයක් ඉල්ලා විරෝධතාවයක

වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ ගෑස් නියෝජිත වෙළඳසලකට පැමිණි කාන්තාවක ගෑස් සිලින්ඩරයක් ඉල්ලා ගෑස් ලොරියට මග හරස් කරමින් බිම වාඩිවී විරෝධතාවයක නිරත වූ බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරනවා. මාධ්‍යවේදී සුමිත් ප්‍රේමතිලක විසින් වාර්තා කර තිබූ එම සිදුවීමට අනුව ගෑස් මිලදී ගැනීමට පෝලිමේ රැදී සිටි මෙම කාන්තාවට නියමිත පරිදි ගෑස් ලැබී නැහැ. ඊට හේතුව වී ඇත්තේ ඉල්ලුම සැපයීමට ප්‍රමාණවත් තරම් ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් වෙළඳ සල වෙත ලැබී නොතිබීමයි.

“මට ගෑස් දෙන්නේ නැත්නම් ලොරිය මගේ ඇඟ උඩින් ගියත් නැගිටින්නේ නෑ” යි කියමින් ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කළ ලොරිය ඉදිරිපිට වාඩිලාගත් ඇය නිසා ප්‍රවාහන බාධා ඇතිව තියෙනවා.

සිදුවීමට අදාළ එම ප්‍රවෘත්ති වාර්තාව සම්පූර්ණයෙන් මෙසේයි.
“වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ ගෑස් නියෝජිත වෙළඳසලකට පැමිණි කාන්තාවක ගෑස් සිලින්ඩරයක් ඉල්ලා ගෑස් ලොරියට මග හරස් කරමින් බිම වාඩිවී විරෝධතාවයක නිරත වූවාය.

ගෑස් සිලින්නඩර් මිළදී ගැනීම සඳහා විශාල පිරිසක් එම වෙළෙඳ සලට පැමිණ සිටි අතර, ඇයද එහි සිටිනු දක්නට ලැබුණි .
ගෑස් රැගත් ලොරිය පස්වරු 1.30 ට පමණ පැමිණි අතර, නියෝජිත මහතා වෙත නිකුත් කළ ගෑස් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇයට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට නොහැකිවිය.

“මට ගෑස් දෙන්නේ නැත්නම් ලොරිය මගේ ඇඟ උඩින් ගියත් නැගිටින්නේ නෑ” කියමින් ලොරියේ මග හරස් කර බිම වාඩිවී පැයකට ආසන්න කාලයක් ඇය විරෝධතාවයේ නිතර වූවාය.

විරෝධතාවය හේතුවෙන් එම පරිශ්‍රය තුළ තරමක් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර, පැයකට ආසන්න කාලයක් ගෑස් රැගෙන ආ ලොරි රථය පිටව යාමට නොහැකිව රැඳී සිටින ලදී .

සිද්ධිය සැලවීමත් සමගම වාද්දුව පොලිසියේ නිලධාරී එම ස්ථානයට පැමිණි අතර, ගෑස් සිලින්ඩරයක් ලබාදෙන බවට ඇයට දුන් පොරොන්දුව මත ඇය එම ස්ථානයෙන් නැගී සිටියාය.

පසුව වෙළඳසඅල තුළ සඟවා තිබූ ගෑස් සිලින්ඩරයක් , ඇයට ලබාදීමට පොලීසිය කටයුතු කළේය.

ඡායාරූපය උපුටාගැනීම – ලංකාදීප වෙබ් අඩවිය

වෙළඳපොල තුළ විශාල ගෑස් හිඟයක් පවතින අතර ම හේතුවෙන් නාගරිකව ජිවත්වන ජනතාව විශාල අපහසුතාවයකට පත්ව සිටියි. පසුගිය සමයේ ලාෆ්ස් ගෑස් අර්බුදයත් සමඟ ලාෆ්ස් ගෑස් මිල වැඩිකරනු ලැබුවත් ඉන්පසු එම ගෑස් වෙළඳපොළට නිකුත් වූවේ ඉතා සීමිත වශයෙනි. පසුව ලිට්රෝ ගෑස් මිලද ඉහළ නන්වුවත් මේවනවිට එම ගෑස් මිලදී ගැනීම සඳහා වෙළඳපොලේ නැත. එසේම මෙම ගෑස් අර්බුදයත් සමඟ ජනතාව ඊළඟ විසඳුම වූවේ භූමිතෙල් ලිප් පාවිච්චියට යොමුවීමයි. නමුත් මේ වනවිට භූමිතෙල් හිඟයක් ද ඇතිව තිබේ. අද දිනයේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමඟ එය තවත් උග්‍ර වෙනු ඇති බවට.

leave a reply