Breaking News

වුවමනාවක් ඇත්නම් සාක්ෂි තිබේ බටලන්දට

1997 ජනවාරි මාසයේ ‘සිතිජය’ සඟරාවේ මුල්කවරය ඇතුළුපැත්තේ පළ කළ මෙම ඡායාරූප තුළ සටහන් වන්නේ බටලන්ද වධකාගාරයේදී ගන්නා ලද දර්ශන කිහිපයකි.

මෙහි ප්‍රධාන ඡායාරූපයේ සටහන් වන්නේ වධ බන්ධනයට ලක් කළ බවට අනුමාන කළ හැකි තරුණයකු සමග ළමුන් දෙදෙනකු ගිනි අවි රැගෙන පෙනී සිටින ඡායාරූපයකි. බැලු බැලුමට කිවහැක්කේ එයින් බාල ළමයා ගැටවර වියට නොපැමිණියකු බවත් වැඩිමහලු පිරිමි ළමයා නව යෞවන වයසේ සිටින අයතු බවත්ය. වෙනත් ඡායාරූපයක ඔහු, යුද සෙබලුන් අඳින ටීෂර්ට් එකකින් සැරසී ගිනි අවි දෙකක් දෙඅතට ගෙන පෙනී සිටින බවත් සටහන් වේ.

මෙම ඡායාරූප 1989 ඔක්තෝබර් මාසයේ 8වැනිදා ගන්නා ලද බව එම ඡායාරූපවල සටහන්ව තිබුණි.
එසේම පොලිස් අධිකාරීවරයකු ලෙස බටලන්ද වධකාගාරයේ කටයුතු සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ ඩග්ලස් පීරිස්ගේ ඡායාරූපයක් මෙන්ම ඔහුගේ පවුලේ ඡායාරූපයකුත් මෙහි ඇත. එම ඡායාරූපයේ ඉහත කී පිරිමි ළමුන් දෙදෙනා ද සිටින බව හඳුනාගත හැකිය. ඒවාද ආසන්න කාලයක ගන්නා ලද බව සිතිය හැකිය.

මේ අනුව ඩග්ලස් පීරිස්ගේ පුතුන්ද මෙම වධකාගාරයේ යම් යම් කටයුතුවලට සම්බන්ධ බවට සැක කළ හැකිය.
1987 පැන නැගුණු අරගලය මර්දනය කිරීමට එවකට පාලනය විසින් සන්නද්ධ හමුදා මෙහෙයවා යුද හමුදාව හා පොලිසිය යොදවා රැඳවුම් කඳවුරු හා වධකාගාර ස්ථාපනය කළා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නායකත්වයෙන් පිහිටවනු ලැබු නිල නොවන වධකාගාර ගණනාවක් රටපුරා ක්‍රියාත්මක වූ බවට සාක්ෂි තිබේ. බටලන්ද වධකාගාරය යනු රජයේ නිවාස සංකීර්ණයකැයි කියන බටලන්ද වාර්තාවේ එම ස්ථානයේ රැඳවියන් සම්බන්ධව කටයුතුවලට හා විවිධ තීරණාත්මක කාර්යයන් වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ සම්බන්ධ වූ බවටද සාක්ෂි අනාවරණය වී ඇත.

එහෙත් අල් ජසීරා සාකච්ඡාවේදී බටලන්ද වාර්තාව නිල වාර්තාවක් නොවේ යැයි ලිස්සා යන්නට රනිල් උත්සාහ කළ අතර, දැන් එය වසර 25කට පසුව හෝ පාර්ලිමේන්තුවේ නිල වශයෙන් සභාගත කර ඇත.
දැන් රනිල් වික්‍රමසිංහගේ පදය වෙනස් වී ඇත. මාධ්‍ය සාකච්ඡා පවත්වා නිදොස් යැයි තමන්ම ප්‍රකාශ කරනු මිස, අදාළ වධකාගාරයේ කටයුතු අනාවරණය කළ පාර්ශ්ව විසින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් සත්‍ය සොයා බැලිය යුතු බව හෝ අධිකරණයකදී තමන් නිදොස්වන්නට කැමති බව රනිල් වික්‍රමසිංහ කියන්නේ නැත.

චන්දන සිරිමල්වත්ත
(These photos are published not to promote violence, or to challenge anyone personally, but to seek justice in the name of public interest)

ඩග්ලස් පීරිස්ගේ ඡායාරූප ඇල්බමයෙන්

මේ සමග පළ කෙරෙන්නේ, බටලන්ද වධකාගාරය පවත්වාගෙන ගිය එජාපයේ ප්‍රබල දේශපාලනඥයාගේ කළණ වධකයකු චූ, ඩග්ලස් පීරිස්ගේ ඡායාරූප ඇල්බමයෙන් අතුරුදන් වූ ඡායාරූප කිහිපයකි. දැනට විදේශගතව සිටින ඩග්ලස් පීරිස්ගේ ඡායාරූප ඇල්බමයෙන් අතුරුදහන් වූ මේ ඡායාරූප කිහිපය ”වධකයකුගේ පවුල” යන මාතෘකාව යටතේ පළකිරීම වඩා උචිත වේ යැයි අපි අදහස් කරමු.

ඉහළ ඡායාරූපයේ (විශාල ඡායාරූපය) සිටින්නේ ඩග්ලස් පීරිස්ගේ පුතූන් දෙදෙනකූ, වධ දී දුබල කරන ලද පුද්ගලයකු සමග එකට සිට ගනු ලැබූ ඡායාරූපයකි. 1989 වසරේ ඔක්තෝබර් 8 වැනිදා ගනු ලැබූ මෙම ඡායාරූපය පසුබිමින් වන්නේ බටලන්ද නිවාසයැයි මෙම ඡායාරූප අප අතට පත් කරනු ලැබූ අයගේ අදහස වේ. දැනට වාර්තා වී ඇති අන්දමට, බටලන්ද ‌වධකාගාරයේ සිදු කරනු ලැබූ වධදීම්වලට, ඩග්ලස් පීරිස්ගේ පුතූන් ද සම්මාදම් වී තිබේ. මේ ඡායාරූප ඒ මතය තහවුරු කරන ප්‍රබල සාක්ෂි කිහිපයකි.

1987-89 කාලය තූළ, පවත්වාගෙන ගිය ඉතා විශාල ප්‍රමාණයක වධකාගාර අතරීන් බටලන්ද වධකාගාරය එකක් පමණි. එජාපයේ දේශපාලනඥයින්ගේ පූර්ණ මැදිහත්වීමෙන් පවත්වාගෙන ගිය එම වධකාගාර තූළ සිටි අළුගෝසුවන්ගෙන්, ඩග්ලස් පීරීස් යනු එක් අළුගෝසුවකු පමණි. අවශ්‍ය වන්නේ. එම වකවානුව තුළ මෙවැනි අපරාධයන්හි නියුතූ සියල්ලන්ටම පවතින නීතියට අනුව දඩුවම් පැමිණවීමය. එමගින්, යළි එවැනි අපරාධ ඇතිවීමටත්, අපරාධකරුවන් බිහිවීමටත් ඇති සමාජ ඉඩකඩ වසා දැමීමය. නමුත්. ඒ කාර්යය තමන් ‌වෙත ‌ පවරාගත් ‌ පොදු පෙරමුණු ආණ්ඩුවද වධකයන් සොයන ”කතා සාප්පු” පවත්වාගෙන යාමෙන්, එපිටට ගමන් ර තිබේද? එක් අපරාධකරුවකුට ‌හෝ දඬුවම් කිරීමට සමත් වී තිබේද ?

සිතිජය ජනවාරි 1997

leave a reply