සමාජ මාධ්‍යවලින් ‘අසත්‍ය පැතිරවූවැයි’ 16ක් අත්අඩංගුවට!

කොරෝනා වසංගත කාල සිමාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර කළ බවට චෝදනා කොට පුද්ගලයන් 17දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මේ අතරින් අප්‍රේල් මස 10වනදා සිට 12වනදා දක්වා දින දෙකක කාලයකදී සැකකරුවන් 07දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එහි දැක්වෙන පරිදි අප්‍රේල් 10වනදා බෙලිගල හා කටුගස්තොට යන ප්‍රදේශවලදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අප්‍රේල් 11වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් සැකකරුවෙකු අප්‍රේල් මස 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

අප්‍රේල් 11වනදින වැලිමඩ, කඩවත හා රාගම යන ප්‍රදේශවලදී තවත් පුද්ගලයන් සිව්දෙනෙකුද, 12වනදා නොච්චියාගම ප්‍රදේශයේ දී එක් පුද්ගලයෙකුද අපරාධ පරීක්ෂණ දෙපර්තම්නේතුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර 11වනදා අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 16වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. නොච්චියාගමදී අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (13) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නමුත් සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මකවන මෙම නීතිය අසත්‍ය ප්‍රචාර සිදුකරන සහ ආණ්ඩුවේ නිලධාරීන් ප්‍රසිද්ධියේ විවේචනය කරන ප්‍රභූන්ට අදාළව ක්‍රියාත්මක නොවේ. එසේම ප්‍රසිද්ධියේ ජාතිවාදය වපුරමින් සිටින ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ ද නැත.

පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...