තාත්තා

වෙල්ලා හැලියෙන් මූනට වාෂ්ප අල්ලගෙන
කෝස්ටික් සෝඩ වලින් අත පුච්චගෙන
පොල් කටු අගුරු ස්ත්‍රික්කයෙන් පපුව තම්බගෙන
ඒ පපු ගැබෙන් ජීවත් කරපු හැටි හය දෙනෙක්
හොදටම කුස් සහ හිස් පුරෝමින්
කහට ටික ලන්කර දෙමින්
අම්මත් හිටිය හරි හරියට උදව්වට
අක්කල නංගිලාගෙ දරුවන්ට මාම උනත් ඔබ
ඔබට නෑසෙන්ඩ ඔවුන් කීව්වේ “මීමා” කියා අදරේට
අනුන්ගෙ ඕපාදූප ඔබ කතා කරපු නැති නිසා වාචාල කමට
හිටියනම් අද…
මොන තරම් සතුටු වෙයිද මුනුබුරු,මිනිබිරියන් ඉන්නා තැන දැක
අම්මයි නංගියි එකතු වෙලා ඇගේ අමාරුවට රෑට බොන
මල්වඩියකින් පෙරාගත් සුදුම සුදු බේත් බෝතලේට
වතුර වැක්කෙරුවෙත් තියන ආදරේට
අද හිටියනම් මම එවනව ඇගේ අමාරුවට නෙමේයි
හිතේ සතුටට
පපුවෙ සැනසුමට
හොදම බෙහෙත් ටිකක් මෙහෙන් අරන්

ජූඩ් විශ්වජිත්

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...