අපිට නොදෙවෙනි ඉන්දියාවේ අලි මිනිස් ගැටුම

විවිධ හේතු නිසා මිය යන අලි ගණන දිනපතා වැඩිවෙන බව  ඉන්දියානු වාර්තාවක් පෙන්වා දෙනවා. ඒ සඳහා බලපාන විවිධ හේතු තියෙනවා දඩයම් කිරීම, ස්වාභාවික වාසස්ථාන විනාශ කිරීම සහ වනාන්තර අසල ගම්මානවල ළිං වැනි අන්තරායන්  මේ අලි මරණ වලට හේතු ලෙස දක්වනවා. 2017 දී  ඉන්දීය පරිසර අමාත්‍යාංශය විසින් කරන ලද සංගණනයකින්  හෙළිකරගෙන ඇත්තේ  අලි ගහනය  27,312 ක්  පමණ වන බවයි.

වනාන්තර ආශ්‍රිත වගාබිම් වලට අනවසරයෙන් කඩා පනින අලි පන්නා දැමීමට  උගුල් ඇටවීම මත  වාර්ෂිකව සැලකිය යුතු අලි ප්‍රමාණයක් මිය යන බවත්  වගාබිම් ආශ්‍රිත  වගා  ළිංවලට වැටී බොහෝ අවස්ථාවල දී අලින් තුවාල ලබන අතර මිය යෑමද වාර්තා වී තියෙනවා.

නවතම දත්ත වලට අනුව, 2018 දී අලි 75 ක් මිය ගිහින් ඇති අතර 2015 සිට 2018 දක්වා කාලය තුළ මියගිය අලි ගණන 373 කි . 2014-2019 කාලය තුළ ඉන්දියාවේ පුද්ගලයන් 2,300 ක් අලි ඇතුන් විසින්  ඝාතනය කර ඇති බව පරිසර අමාත්‍යාංශය  වාර්තාව පෙන්වා දෙනවා.

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...