අපිට නොදෙවෙනි ඉන්දියාවේ අලි මිනිස් ගැටුම

විවිධ හේතු නිසා මිය යන අලි ගණන දිනපතා වැඩිවෙන බව  ඉන්දියානු වාර්තාවක් පෙන්වා දෙනවා. ඒ සඳහා බලපාන විවිධ හේතු තියෙනවා දඩයම් කිරීම, ස්වාභාවික වාසස්ථාන විනාශ කිරීම සහ වනාන්තර අසල ගම්මානවල ළිං වැනි අන්තරායන්  මේ අලි මරණ වලට හේතු ලෙස දක්වනවා. 2017 දී  ඉන්දීය පරිසර අමාත්‍යාංශය විසින් කරන ලද සංගණනයකින්  හෙළිකරගෙන ඇත්තේ  අලි ගහනය  27,312 ක්  පමණ වන බවයි.

වනාන්තර ආශ්‍රිත වගාබිම් වලට අනවසරයෙන් කඩා පනින අලි පන්නා දැමීමට  උගුල් ඇටවීම මත  වාර්ෂිකව සැලකිය යුතු අලි ප්‍රමාණයක් මිය යන බවත්  වගාබිම් ආශ්‍රිත  වගා  ළිංවලට වැටී බොහෝ අවස්ථාවල දී අලින් තුවාල ලබන අතර මිය යෑමද වාර්තා වී තියෙනවා.

නවතම දත්ත වලට අනුව, 2018 දී අලි 75 ක් මිය ගිහින් ඇති අතර 2015 සිට 2018 දක්වා කාලය තුළ මියගිය අලි ගණන 373 කි . 2014-2019 කාලය තුළ ඉන්දියාවේ පුද්ගලයන් 2,300 ක් අලි ඇතුන් විසින්  ඝාතනය කර ඇති බව පරිසර අමාත්‍යාංශය  වාර්තාව පෙන්වා දෙනවා.

 

Share post:

Popular

වෙනත් පුවත්

උතුරේ තවත් ලේඛකයෙකුගේ පොතක් රේගුව රඳවාගෙන

උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්‍රී ලංකා රේගුව...

පොලිස් ඇමතිගෙ පම්පෝරි විතරයි – ඉෂාර ඝාතනය කළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන නැහැ

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී මියගිය...

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...