සුපුන් ළහිරු ප්‍රකාශ්ගේ ‘වනපෙත හඬ නගයි’

පරිසර ක්‍රියාකාරිකයෙකු, නිදහස් මාධ්‍යවේදියෙකු සහ වනජීවී පර්යේෂකයෙකු වන සුපුන් ළහිරු ප්‍රකාශ් විසින් රචිත ‘වනපෙත හඬ නගයි’ ඡායාරූප කෘතිය දොරට වැඩීම අද (19) සවස 5.30 ට මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇත. මෙරට වනජීවීන් අත්විඳිනු ලබන දුක් ගැහැට පිළිබඳව කතුවරයා විසින් සතිඅන්ත පුවත්පතකට ඉදිරිපත්කළ සංවේදී වෘතාන්තයන් එකතුවකින් මෙම කෘතිය සමන්විත වන අතර ඊට අදාළ විශාල ප්‍රමාණයේ වර්ණ ඡායාරූපද කෘතියට ඇතුලත්කර ඇත. මෙරට ජනතාව, විශේෂයෙන් දුවා දරුවන් තුල වනජීවීන් පිළිබඳව උනන්දුවක් සහ සංවේදීත්වයක් ඇතිකිරීම මෙම කෘතියේ අරමුණයි. ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය මගින් කෘතිය ප්‍රකාශයට පත්කෙරෙන අතර ඒ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වයි.

මෙදින ආරාධිත දේශනය ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු, ලංකා විව්ස් වෙබ්අඩවියේ සංස්කාරක සහ ලංකා සහ ජනරළ පුවත්පත්වල හිටපු කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා විසින් පවත්වනු ලබන අතර මහාචාර්ය සරත් කොටගම මහතාද මේ අවස්ථාවට සම්බන්දවීමට නියමිතය. මෙරට සිටින ප්‍රකට වනජීවී ඡායාරූපශිල්පියෙකු වන චන්දන වීරතුංග මහතා ප්‍රමුඛ ඡායාරූපශිල්පීන් රැසකගේ සේයාරූ වලින් අලංකාරවත්වන මෙම කෘතිය දිවයින පුරා පිහිටි පාසැල් හා මහජන පුස්තකාල සඳහා නොමිලේ බෙදා හැරීමට අපේක්ෂා කරන අතර අලෙවි කිරීමක් සිදු නොකෙරේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...