පැරණි ලෝකය සහ අලුත් ලෝකය

ඔබ අසා ඇද්ද
වෙඩි උණ්ඩ නිෂ්පාදනය කරන්න
නොහැකිවීම මත
නවතා දැමූ යුද්ධයක් ගැන

ඔබ අසා ඇද්ද
ආහාර හිඟය මත
මිනිසුන් මැරෙනවා කියා
පාලනය අතහැර දැමූ පාලකයන් ගැන

ඔබ අසා ඇද්ද
ලෝකය පාලනය කරන මහල්ලන්
කොරෝනා වෛරස
සංකූලතා ඇති වී මියගිය බව

ඔබ හිතන්නේ නැද්ද
කොරෝනා වෛරස ආසාදනය වී
වැඩිපුරම මිය යන්නේත්
අපේ පන්තියෙ මිනිසුන් බව

ඔබට හිතෙන්නේ නැද්ද
කොරෝනා වෛරසය සමඟ
පැරණි ලෝකය විනාශ කර
අලුත් ලෝකය ගොඩනගන්න අවශ්‍ය බව

හිල්මි සුපුන්

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...