Breaking News

ලංකාව තුළ ඇඳිරි නීතිය කාලය තුළ ළමා හිංසන සීඝ්‍රයෙන් වැඩිවෙලා – UNICEF

ලංකාව තුළ ළමා අපයෝජන කොවිඩ් 19 වසංගතය සමයේ සීඝ්‍ර ලෙස ඉහළ යාම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ(UNICEF) අවධානය යොමුව තිබේ. ලංකාව තුළ ඇදිරිනීතිය ක්‍රියාත්මක වූ කාලය තුළ එනම් මාර්තු 16වනදා සිට අප්‍රේල් 7වනදා දක්වා කාලය තුළ ළමා ආපයෝජන සියයට 10සිට සියයට 40දක්වා වැඩි වී තිබේ. මාර්තු 16 සිට අප්රේල් 07 දක්වා – පසුගිය දින 23 ක කාලය තුළ ළමා රක්ෂණ අධිකාරියේ හදිසි ඇමතුම් අංකයට ළමා අපයෝජන පැමිණිලි 292 ක් ලැබී ඇති අතර ඒ අතරින් 121 ක් ළමයින් දරුණු වධහිංසාවලට ලක් කිරීම් වේ.

යුනිසෙෆ්හි ශ්‍රී ලංකාවේ නියෝජිත ටිම් සුටන් මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා ඇත්තේ . “පාසල් වසා දමා ඇති ඇති නිසා දරුවන් දවස පුරා නිවෙස්වල සිටින අතර බොහෝ දෙමව්පියන්ට වැඩ කිරීමට නොහැකි වී තිබේ. මානසික ආතතිය, හුදකලාව සහ ආර්ථික දුෂ්කරතා ගෘහස්ථ හිංසනය, ළමා හිංසනය සහ අපයෝජනය වීමේ අවදානම වැඩි කරයි. අපගේ පණිවිඩය සරල ය; පළමුවෙන්ම, අපි දෙමාපියන්ගෙන් සහ පවුල්වලින් ඉල්ලා සිටින්නේ දරුවන් සමඟ ගුණාත්මක කාලයක් ගත කරන ලෙසත්, මානසික ආතතිය හමුවේ ශාරීරික හානියක් නොවන ‘ධනාත්මක විනයක්’ අනුගමනය කරන ලෙසත්ය. දෙවනුව, මෙම සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලදී ළමයින් අපයෝජනය නොවීමට වගබලා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න කටයුතු කරනවා ”

එසේම ළමා රක්ෂණ අධිකාරියේ සභාපති විදානපතිරණ පවසා ඇත්තේ මෙම කාලවකවානුව තුළ ළමා අපයෝජන පිළිබඳ දැනුම්දිය හැකි 1929 අංකයෙන් ක්‍රියාත්මක දුරකථන සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි.

මේ මස මුලදී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, කොවිඩ් -19 වසංගතය ප්‍රතිචාර ලෙස විවිධ රටවල රජයන් විසින් ක්‍රියාත්මක කරන අගුලු දැමීම්වලට සාපේක්ෂව කාන්තාවන් සහ ගැහැණු ළමයින් අත්විඳින “ගෘහස්ථ හිංසනයේ බිහිසුණු ගෝලීය නැගීමකට” විසඳුම් සෙවීමේ අවශ්‍යතාව හදිසියේම අවධාරණය කළේය. . වසංගතය විසින් ඇති කරන ලද ආර්ථික හා සමාජීය ආතතීන් මෙන්ම මිනිසුන් ගෙවල්වලට සීමා කිරීම නිසා සෑම රටකම පාහේ කාන්තාවන් සහ ළමයින්, විශේෂයෙන් ගැහැනු ළමයින් අපයෝජනයට ලක්වන සංඛ්‍යාව ලෙස ඉහළ ගොස් ඇති බව එහිදී අනාවරණය විය.

leave a reply