සෞඛ්‍ය සේවකයෝ ඉල්ලුවේ ආරක්‍ෂිත ඇදුම් පෙන්නුවේ නෙලුම් කුළුනේ ලයිට්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය මර්දනය වෙනුවෙන් ක්‍රියාකරන සියලු අංශයවලට උපහාරයක් ලෙස කොළඹ නෙළුම් කුළුණ ආලෝකවත් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදා, පොලිසිය ඇතුළු සියලු අංශ අගය කරමින් විශේෂ තේමාවකින් අද(11) පස්වරු 06.45ට මෙම ආලෝකවත් කිරීම සිදු කර ඇත.

මිට පෙර ආණ්ඩුව පැවසුවේ කොවිඩ් 19 වසංගතයට අදාළ සෞඛ්‍ය මෙහෙයුම්වල නිරතවී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් විරු අභිමන් නමින් රුපියල් ලක්ෂ 15ක රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බවයි.

මෙහිදී ජීවිත අහිමිවීමකදී දරුවන් සිටින සෞඛ්‍ය සේවකයාගේ පවුලේ උදවියට ලක්ෂ 15කුත් දරුවන් නොමැති පවුල්වලට සහ අවිවාහක අයෙකුට ලක්ෂ 10ත් ලබාදෙන බව පැවසුණි.

එහෙත් සෞඛ්‍ය සේවකයන් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ පහන් පත්තු කෙරිලි හෝ ජීවිත රක්ෂණ නොවේ. කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ආරක්‍ෂිත උපකරණයි. සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය එවැනි ආරක්‍ෂිත උපකරණ යම් පමණකින් හෝ සැපයීම සිදුකරන්නේ සාමාන්‍ය ජනතාවයි. ආණ්ඩුව එහි කිසිදු වගකීමක් නොගෙන සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිත අවදානමේ දැමීමට ඉඩ හැර සංදර්ශන පමණක් පවත්වමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...