“ගම සමග පිළිසඳර” වැඩ ප්‍රමාද කරන නිලධාරීන් ජනාධිපති ළඟට ගෙන්නනවලු

“ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේ කාර්ය සාධනය ඉදිරිපත් කිරීමට අපොහොසත් වන රාජ්‍ය සේවකයින් ජනාධිපති කාර්යාලයට වාර්තා කළ යුතු බවට සදහන් කරමින් ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

“ගම සමග පිළිසඳර” වැඩසටහන සඳහා අලුතින් පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් පවරා ඇති රාජකාරි ඉටු කිරීමට ප්‍රමාද වන හෝ අසමත් වන රාජ්‍ය සේවකයින් සෘජුවම ජනාධිපති ලේකම් වෙත වාර්තා කළ යුතු බවට එම ගැසට් නිවේදනයේ දැක්වේ.

රාජකාරි ඉටු කිරීම ප්‍රමාද කිරීම සහ වගකීම් ඉටු කිරීම ප්‍රමාද කිරීම හෝ අපොහොසත් වන ඕනෑම රජයේ සේවකයෙකු හෝ ඕනෑම අමාත්‍යංශයක, රජයේ දෙපාර්තමේන්තුවේ, රාජ්‍ය සංස්ථාවේ හෝ එවැනි ආයතනයක ඕනෑම රජයේ සේවකයෙකු හෝ නිලධාරියෙකු මෙළෙස ජනාධිපති කාර්යාලයට වාර්තා කරන ලෙස එම ගැසට් නිවේදනය මගින් ඉල්ලා ඇති බව පැවසේ.

එකී කාර්ය සාධක බලකාය විසින් භාර දිය යුතු එවැනි රාජකාරි හා වගකීම් ඉටු කරන්න ”යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ලේකම් ජයසුන්දර විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ සඳහන් වේ.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...