“ගම සමග පිළිසඳර” වැඩ ප්‍රමාද කරන නිලධාරීන් ජනාධිපති ළඟට ගෙන්නනවලු

“ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේ කාර්ය සාධනය ඉදිරිපත් කිරීමට අපොහොසත් වන රාජ්‍ය සේවකයින් ජනාධිපති කාර්යාලයට වාර්තා කළ යුතු බවට සදහන් කරමින් ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

“ගම සමග පිළිසඳර” වැඩසටහන සඳහා අලුතින් පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් පවරා ඇති රාජකාරි ඉටු කිරීමට ප්‍රමාද වන හෝ අසමත් වන රාජ්‍ය සේවකයින් සෘජුවම ජනාධිපති ලේකම් වෙත වාර්තා කළ යුතු බවට එම ගැසට් නිවේදනයේ දැක්වේ.

රාජකාරි ඉටු කිරීම ප්‍රමාද කිරීම සහ වගකීම් ඉටු කිරීම ප්‍රමාද කිරීම හෝ අපොහොසත් වන ඕනෑම රජයේ සේවකයෙකු හෝ ඕනෑම අමාත්‍යංශයක, රජයේ දෙපාර්තමේන්තුවේ, රාජ්‍ය සංස්ථාවේ හෝ එවැනි ආයතනයක ඕනෑම රජයේ සේවකයෙකු හෝ නිලධාරියෙකු මෙළෙස ජනාධිපති කාර්යාලයට වාර්තා කරන ලෙස එම ගැසට් නිවේදනය මගින් ඉල්ලා ඇති බව පැවසේ.

එකී කාර්ය සාධක බලකාය විසින් භාර දිය යුතු එවැනි රාජකාරි හා වගකීම් ඉටු කරන්න ”යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ලේකම් ජයසුන්දර විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ සඳහන් වේ.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...