නන්දලාල්ටයි ගෝලයන්ටයි පාර්ලිමේන්තුව හෙට  මතක හිටින පාඩමක් උගන්වන්නයි යන්නේ. 

මහ බැංකුවේ නිලධාරීන් වැටුප් වැඩිකර ගැනීම පිළිබඳ ව මතුව ඇති ගැටලුව සාකච්ඡා කිරීමට මාර්තු 5 වන දා මහ බැංකු නිලධාරීන්ව පාර්ලිමේන්තුව හමුවට කැඳවා තිබේ . මෙම තීරණය ගෙන තිබෙන්නේ පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දීයි . මහා බැංකුව තමන්ගේ පඩි වැඩිකර ගැනීම අසාධාරණ බව සමාජය තුළ මෙන්ම පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂයේද චෝදනාව වුණා.

බංකොලොත් රාජ්‍යයක් නඟා සිටවාමින් සිටින මොහොතක රාජ්‍ය සේවකයාගේ පඩි වැඩි කිරීම හෝ දීමනා ලබාදීම  ප්‍රතික්ෂේප කල රනිල් රාජපක්ෂ ආණ්ඩුව මහා  බැංකුවේ ඉහළ නිලධාරීන් සීයට සීයක් තමන්ගේ පඩි වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක්  අනුගමනය කරමින් සිටිනවා. පසුගිය අයවැයෙන් රුපියල් විසි දාහසක වැටුප් වැඩිවීමක් ඉල්ලා කල  අරගලයට සවන් නොදී අයවැය ඉදිරිපත් කරපු රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ආයතන විකිණීමටත් බදු වැඩි කිරීමටත් යෝජනා කළා .  රනිල් රාජපක්ෂ පාලනය තුළ රටේ සාමාන්‍ය ජනතාව  අන්ත අසරණ තත්ත්වයකට දමන්න මේ මහ බැංකුව ද ායක වූ බව රටේ ජනතාවට අමතක නැත. මහ බැංකුවේ අධිපතිවරයා නන්දලාල් රට ඇද වැටී තිබෙන ආර්ථික අර්බුදයේ කොටස්කරුවෙක්ය.

කෙසේ වෙතත් ඔහු මේ වන විට තමන්ට ඉතා හොඳින් බෙදාගෙන තිබෙන අතර තමන් වටා ඉන්නා පිරිසට  ලොකු හැදි වලින් බෙදා තිබේ.

අපි හෙට වනතුරු ඉවසා  හිඳිමු  මහ බැංකුවේ නිලධාරීන් පඩි වැඩි කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ගනු ලබන තීරණය කුමක්ද කියා .

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...