නන්දලාල්ටයි ගෝලයන්ටයි පාර්ලිමේන්තුව හෙට  මතක හිටින පාඩමක් උගන්වන්නයි යන්නේ. 

මහ බැංකුවේ නිලධාරීන් වැටුප් වැඩිකර ගැනීම පිළිබඳ ව මතුව ඇති ගැටලුව සාකච්ඡා කිරීමට මාර්තු 5 වන දා මහ බැංකු නිලධාරීන්ව පාර්ලිමේන්තුව හමුවට කැඳවා තිබේ . මෙම තීරණය ගෙන තිබෙන්නේ පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දීයි . මහා බැංකුව තමන්ගේ පඩි වැඩිකර ගැනීම අසාධාරණ බව සමාජය තුළ මෙන්ම පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂයේද චෝදනාව වුණා.

බංකොලොත් රාජ්‍යයක් නඟා සිටවාමින් සිටින මොහොතක රාජ්‍ය සේවකයාගේ පඩි වැඩි කිරීම හෝ දීමනා ලබාදීම  ප්‍රතික්ෂේප කල රනිල් රාජපක්ෂ ආණ්ඩුව මහා  බැංකුවේ ඉහළ නිලධාරීන් සීයට සීයක් තමන්ගේ පඩි වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක්  අනුගමනය කරමින් සිටිනවා. පසුගිය අයවැයෙන් රුපියල් විසි දාහසක වැටුප් වැඩිවීමක් ඉල්ලා කල  අරගලයට සවන් නොදී අයවැය ඉදිරිපත් කරපු රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ආයතන විකිණීමටත් බදු වැඩි කිරීමටත් යෝජනා කළා .  රනිල් රාජපක්ෂ පාලනය තුළ රටේ සාමාන්‍ය ජනතාව  අන්ත අසරණ තත්ත්වයකට දමන්න මේ මහ බැංකුව ද ායක වූ බව රටේ ජනතාවට අමතක නැත. මහ බැංකුවේ අධිපතිවරයා නන්දලාල් රට ඇද වැටී තිබෙන ආර්ථික අර්බුදයේ කොටස්කරුවෙක්ය.

කෙසේ වෙතත් ඔහු මේ වන විට තමන්ට ඉතා හොඳින් බෙදාගෙන තිබෙන අතර තමන් වටා ඉන්නා පිරිසට  ලොකු හැදි වලින් බෙදා තිබේ.

අපි හෙට වනතුරු ඉවසා  හිඳිමු  මහ බැංකුවේ නිලධාරීන් පඩි වැඩි කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ගනු ලබන තීරණය කුමක්ද කියා .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...