පොලීසිය රඹුක්කන වෙඩි තැබීම ගැන සුරංගන කතා කියනවා – පුබුදු ජයගොඩ

පොලීසිය සුරංගනා කතා කීම දැන්වත් නතර කල යුතු බව පෙරටුගාමී සමාජවදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඔහු අද (20) පැවති මධ්‍ය හමුවකදී පෙලිසිය විසින් රඹුක්කනදී සිදුකර ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයට හෙළා දකිමින් මේ බව සදහන් කලේය.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් අදහස් දක්වමින්,

“එදා මිරිහානෙදී ජනාධිපතිවරයාගේ මුහුදු මංකොල්ලකාරයගේ ගෝලයෝ බස් එකට ගිනි තිබ්බා වගේ තමයි මේ රඹුක්කන සිද්ධියත් වෙලා තියෙන්නේ. පොලිසිය විසින් විරෝධතා කරුවන් විසුරුවමින් ඉදිරියට යද්දී හොඳට තිබුණු බවුසරය සහ බයිසිකල්වලට පොලිසිය පිරිස විසුරුවල එන විට අලාභහානී උනේ කෙහෙමද ? ත්‍රිරෝද රථයට පෙලිසිය විසින් ගිනි තබූ බවට වීඩියෝ දර්ශන තියෙනවා. පොලිසියෙන් ගල් අරගෙන යන වීඩියෝ දර්ශන තියෙනවා. මෙහෙම තියෙද්දී පොලිස්පතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශකලා ඇවිල්ලා සුරංගනා කතා කියනවා.

මේ කරන්නේ එක කාක්කෙක් මරලා තටු එල්ලුවම හරියි කියලා ජොන්ස්ටන් කියපු කතාව නම් අපි කියන්න කැමතියි එහෙම බය වෙන ජාතියේ පිරිසක් දැන් මේ රටේ නැහැ . අපි ඔය තර්ජන වලට බයත් නැහැ. අපි ජනාතවට කියන්නේ අයුක්තියට එරෙහිව නැගී සිටින්න බය වෙන්න එපා කියලා. අපි මේ දේවල් කලින්ම කිව්වා. හැබැයි ජනතාවගේ නැගී සිටීමේ යම් මන්දගාමීත්වයක් තිබ්බා. ජනතාව දැන් නැගිටලා තියෙනවා. දැන් මේ සටනට යම් දේශපාලන නායකත්වයක් අවශ්‍යයි.

ඒ වෙනුවෙන් නායකත්වය දෙන්න ඉදිරියට යන්න අපි සූදනම් කියලා අපි ජනතාවට කියනවා. ඒ වගේම තමයි මේ සටන ජයග්‍රණය තෙක් ඉදිරියට රැගෙන යන්න කියල අපි මේ තරුණයින්ට කියනවා. ඕනෑම අවස්ථාවක අපි ඔබ වෙනුවෙන් පෙනී සිටින බවත් අපි මේ ජනතාවට අවධරණය කරනවා.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...