සුබ පැතුම් විතරක් මදි!

නව වසරක් උදා වෙද්දී එකිනෙකට සුබ පතා ගැනීම හොඳ දෙයකි. ඒත් 2023 වසර සුබ වීමට නම් සුබ පැතුම්වලට අමතරව තවත් බොහෝ දේ අවශ්‍ය වී තිබේ.

2023 වසර උදාවෙන්නේ ජනතාවගේ කර මත තවත් බර පටවමින් බව පෙනෙන්නට ඇත.

විදුලිය ගාස්තුව වැඩි කිරීමේ යෝජනාව ලබන 2 වැනිදා පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කිරීමට යෝජනා කරනු ඇති බව වාර්තා වෙයි.

මෙයට අමතරව ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට රුපියල් 10ක් අය කරන අතර එය රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමටත් යෝජනා කෙරෙනු ඇත.

මේ අතර රට පුරා ලක්ෂ 40 ක පමණ පිරිසක් මේ වසරේ මුල් මාස දහයක කාලයේ දී රුපියල් කෝටි 19,300 කට වැඩි වටිනා කනකර ආභරණ ප්‍රමාණයක් බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලට උකස් කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසා ඇත.

විදුලිය බිල ලබන මාසයේදී සියයට 70 කින් වැඩිවීමත් සමග විවිධ කර්මාන්තශාලා, හෝටල් ආපන ශාලා ඇතුළු ව්‍යාපාර ස්ථාන තවත් විසි දහසක් පමණ වැසී යෑමේ බරපතළ අවදානමක් පවතින බව ඒ ස්ථාන හිමිකරුවන් පවසා ඇත.

මේ සියලු ආර්ථික බරින් ජනතාව මිරිකෙමින් සිටියදී ආණ්ඩුව මර්දනය දැඩි කිරීමේ උත්සාහ නවතා නැත. ජනාධිපති මන්දිරයේ දැවමය සිතුවම් සහ කැන්වස් චිත්‍ර 39 ක් අරගලකරුවන්ගේ පැමිණීමත් සමග අතුරුදන්ව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ අලුත්ම කරුණු සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පැවසේ. වසන්ත තවමත් හිරගෙදර දුක් විඳිමින් සිටියි.

මේ සියලු දෙයින් ජනතාවගේ බෙලි මිරිකීමෙන් මිදීමට නම් සුබ පැතුම් පමණක් ප්‍රමාණවත් නොවේ. සුබ පැතුම් ක්‍රියාවට නැගීමට අවශ්‍ය වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...