සුබ පැතුම් විතරක් මදි!

නව වසරක් උදා වෙද්දී එකිනෙකට සුබ පතා ගැනීම හොඳ දෙයකි. ඒත් 2023 වසර සුබ වීමට නම් සුබ පැතුම්වලට අමතරව තවත් බොහෝ දේ අවශ්‍ය වී තිබේ.

2023 වසර උදාවෙන්නේ ජනතාවගේ කර මත තවත් බර පටවමින් බව පෙනෙන්නට ඇත.

විදුලිය ගාස්තුව වැඩි කිරීමේ යෝජනාව ලබන 2 වැනිදා පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කිරීමට යෝජනා කරනු ඇති බව වාර්තා වෙයි.

මෙයට අමතරව ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට රුපියල් 10ක් අය කරන අතර එය රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමටත් යෝජනා කෙරෙනු ඇත.

මේ අතර රට පුරා ලක්ෂ 40 ක පමණ පිරිසක් මේ වසරේ මුල් මාස දහයක කාලයේ දී රුපියල් කෝටි 19,300 කට වැඩි වටිනා කනකර ආභරණ ප්‍රමාණයක් බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලට උකස් කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසා ඇත.

විදුලිය බිල ලබන මාසයේදී සියයට 70 කින් වැඩිවීමත් සමග විවිධ කර්මාන්තශාලා, හෝටල් ආපන ශාලා ඇතුළු ව්‍යාපාර ස්ථාන තවත් විසි දහසක් පමණ වැසී යෑමේ බරපතළ අවදානමක් පවතින බව ඒ ස්ථාන හිමිකරුවන් පවසා ඇත.

මේ සියලු ආර්ථික බරින් ජනතාව මිරිකෙමින් සිටියදී ආණ්ඩුව මර්දනය දැඩි කිරීමේ උත්සාහ නවතා නැත. ජනාධිපති මන්දිරයේ දැවමය සිතුවම් සහ කැන්වස් චිත්‍ර 39 ක් අරගලකරුවන්ගේ පැමිණීමත් සමග අතුරුදන්ව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ අලුත්ම කරුණු සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පැවසේ. වසන්ත තවමත් හිරගෙදර දුක් විඳිමින් සිටියි.

මේ සියලු දෙයින් ජනතාවගේ බෙලි මිරිකීමෙන් මිදීමට නම් සුබ පැතුම් පමණක් ප්‍රමාණවත් නොවේ. සුබ පැතුම් ක්‍රියාවට නැගීමට අවශ්‍ය වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...