අගු ළමා සොල්දාදුවෙක්

Beasts of No Nation 2015 . තිරගත වූ චිත්‍රපටියකි. Beasts of No Nation චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ නයිජීරියානු සම්භවයක් ඇති ඇමරිකානු ලේඛකයෙකු වන Uzodinma Iweala විසින්රචිත Beasts of No Nation නවකතාව ඇසුරෙනි. මේ කතාවේ ප්‍රධාන චරිතය බවට පත්වන්නේ අගු නම් දරුවාය. යුද්ධය විසින් තම සහෝදර දෙමව්පියන් නෑදෑ හිත මිතුරන් අහිමි කලා ඉන්පසුව ජීවිතය බේරා ගැනීමට වනගත වෙන කුඩා අගු සටන්කාමින්ට හසු වෙනවා. එහිදී ළමා සොල්දාදුවෙක් බවට පත්වන ඔහු බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දෙන අතර අවසානයේ UN හමුදාවට භාරවී අනාත නිවසක බාරයට පත් වේ . පහත පළවන්නේ එම චිත්‍රපටියේ අවසාන දෙබස් කීපයයි.

මෙම චිත්‍රපටය නරඹන විට වරදකාරී හෘද සාක්ෂිය ඉස්මතුව අගු දහස් ගණනින් නිර්මාණය කළ යුද්ධයට ආවැඩූ අතීතය සිහියට නැගුනි. අගුගේ මුහුණ මතට උතුරු නැගෙනහිර දරුවන්ගේ මූණු ආදේශ වී පෙනුණි. දකුණේ මව්වරුන්ගේ කඳුළු අගුගේ අම්මගෙ ඇසින් වැටෙන කඳුළු දුටු වෙමි.

යුක්‍රේනයේ සිරියාවේ පමණක් නොව යුද ගැටුම් මැද අගු ලා දුටුවෙමි.

අගු ළමා සොල්දාදුවෙක්

මං කැමැති නැහැ මගේ ඇස් දිහා බලන් ඉන්නවට
(අගු ඔහුගේ පාපොච්චාරණය ඇසීමට සූදානම් ව සිටින තැනැත්තියට පවසයි)

උඹ හිතන්නේ මට කතා කරන්න බැහැ කියලා
මම පොඩි එකෙක් ඒ නිසා මට කතා කරන්න බෑ කියලා
මම පොඩි එකෙක් නෙමෙයි, මම මෝරපු එකෙක්
මම යුද්ධ කළා

ඇය දන්නේ නෑ යුද්දේ කියන්නේ මොකක්ද කියලවත්
(අගු කල්පනා කරයි)

උත්සාහ කරපන් එකක් හරි ඔබගේ අත්දැකීම් කියන්න
(අගු කල්පනාවෙන් නිමක් නොවේ)

නැත්නම් උඹ හිතන දේ කියපන්

දැන් මං හිතන්නේ මගේ අනාගතය ගැන
(අගු යළි කල්පනාවට වැටෙයි)

කරුණාකරලා දැනෙන දේ කියපන්
හිතේ තියෙන දේ කිව් විට නිදහසක් දැනේ

(අගු යෝජනාවට අවනත වෙයි)
අගු අත්දැකීම් ප්‍රකාශ කරන්න ගනී

මං දැක්කා භයානක දේවල්
මං කළා භයානක දේවල්

මං ඒව ඔබට කිව්වොත් උඹ දුකට පත් වෙනවා
බියට පත් වෙනවා

දැන් මට ඕනේ මේ ජීවිතේ සතුටින් සිටින්න

සියල්ල උඹට කිව්වොත්
උඹ හිතනවා මං අමුතු සතෙක් කියලා
එහෙම නැත්නම් යක්ෂයෙක්
ඒ සියල්ලම මා සතුයි.

මටත් හිටිය අම්මා කෙනෙක්
මගේ තාත්තා හිටියා
සහෝදරයෙක්, සහෝදරියක්
ඔවුන් මට ආදරේ කළා

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...