නිරෝධායන කාලයක තෙලි තුඩට ආ 150 වැනි සංවත්සරය මඟහැරෙන රොසලිනා

Date:

Antoon Van Dyck කියන චිත්‍ර ශිල්පියා රෝසලිනා නම් සාන්තුවරියගේ චිත්‍රය අදින්නේ අද අපි මුහුණ දෙන කොරෝනා  වෛරස කාලය වගේම වසංගත කලයකදියි .රෝසලිනා සාන්තුවරියගේ චිත්‍රය මේ දවස්වල  නිව්යෝක් නුවර metro politan කෞතුකාගාරයේ නිරෝධායන වෙමින් තියෙනවා.

බෙල්ජියම් ජාතික Antoon van dyk කියන චිත්‍ර ශිල්පියාව  ඉතාලියට කැදවන්නේ 1624 වර්ෂයේදීයි . van dykව පලේර්මෝ වලට ගෙන්වා ගන්නේ එවක සිටි ස්පාඤ්ඤ ජාතික යුව රජ කෙනෙක් . කියන්නේ එකල සිටි  කුලියට ධනවතුන්ගේ චිත්‍ර අඳින චිත්‍ර ශිල්පියෙක්. ඔහුගේ චිත්‍රයක් van dyk කියලා ඇඳ ගැනීම තමයි  මේ යුවරජගේ බලාපොරොත්තුව.

සාන්ත රෝසලිනා චිත්‍රය

van dykගේ පැමිණීමෙන්  දින කීපයකට පසුව ඉතාලිය පුරා වසංගතයක් තත්ත්වයක් පැතිර යනවා .  දස දහසක් පමණ මිනිසුන් මියගිය අතර  යුවරජ ද මිය ගියා.මේ වසංගත තත්වය හේතුවෙන්  චිත්‍ර ශිල්පියාටද  සිසිලියේ දී නිරෝධයට පත් වන්න සිද්ද වෙනවා.

ඒ කාලයේදීම ප්‍රැන්සිස්කන් නිකායේ පිරිසකට හමුවූ අස්ථි කැබලි කිහිපයක් ශාන්ත රෝසලිනා නම් සාන්තුවරිය ගේ යැයි පවසමින් වසංගතය පැවති නගර පුරා රැගෙන යමින් වීදි සංචාරය කළා. ඉන්පසු වසංගතය කෙමෙන් අඩු වී ගිය බව සඳහන් වෙනවා.

Antoon Van Dyck ඔහු විසින් ඇඳගත් ඔහුගේම චිත්‍රයක් 1620 -1621

යුව රජව චිත්‍රයට නගන්න ඉතාලියට ගිය ශිල්පියා ඉන්පසුව මේ සාන්තුවරියව චිත්‍රයට නැගුවා. ඔහු එම කාලය තුල චිත්‍ර පහක් ඇඳපු බව සඳහන් වුවත් දැනට ඇත්තේ මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ ඇති මෙම චිත්‍රය පමණයි.

රෝසලිනා සාන්තුවරියගේ චිත්‍ර  කෞතුකාගාරයට ගෙනවිත් මේ වසරට අවුරුදු 150ක් සම්පූර්ණ වෙනවා. එම සංවත්සරය වෙනුවෙන් මේ වසරේ එය මහජන ප්‍රදර්ශනයට විවෘත කිරීමට නියමිතව තිබුණත් කොරෝනා ගෝලීය වසංගතය හමුවේ ඇතිවී තිබෙන තත්වය මත රෝසලිනාට  නිරෝධායනයට පත්වෙන්න සිද්ද වෙලා තියනවා .

සටහන භාග්‍යා සහ වත්සලා 

 

 

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...