භාෂණගේ – මතක නදිය

“ගොරතර පීඩිතභාවයට එරෙහිව දකුණේදීත්, උතුරේත්දීත් සටන් වැද ඇදවැටුණු චතුරංග, නිශ්ශංක, ජයසීලන් සහ දිවාකරන් ඇතුළු අනන්ත වූ මිතුරන් ගැන සදානුස්මරණීය මතකය වෙනුවෙනි.”

ඇසේ පත්ලක රිදුම් කැලතුන
දුරාතීතේ දිනකදි
ළයේ හරිමැද හැඟුම් ඇවිළුව
උදා තරු අඳුරේ නිදි
ගලාගිය ගඟ දියකි කාලය
දෙපා දොවනෙමි මග රැඳී
එදා ආ ගිය මතක මංවල
අදත් ඒ තරුරැස් වදී

විදා තටු නිල් වලා විනිවිද
පියාඹා යන විහඟුනී
ගෙවූ ගව් සිය ගණන් කෙළවර
ළසෝබර අහසද හිමි
හමායන දුක් සුසුම් මාරුත
නිමාවන දිනයක් නැතී
විඩා සෝ ගිම් නිවී යන තැන
සදා යෞවන – සිහිනෙකි

සමාදානේ නිදා සැතපෙන
මගේ පෙම්බර මිතුරනි
පුරා සියවස් සියක් ගෙවුණද
ඔබේ මතකය නිදුකිනී
සදාකාලික වසත් කාලය
කොහේ කොතැනද නොදනිමි
අතීතය මාවතක් වී නම්
එදා මෙන් යළි හමුවෙමි

භාෂණ | 2021 නොවැම්බර් 02

 ඔහු කියන විදියට මාස 22කට පසු ඔහු අතින් ලියැවුණ කවියක් මේ. මට එවා තිබුණා. මේ තමයි භාෂි. – කපිල. එම්. ගමගේ

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්