රාජ්‍ය බැංකුවලට මිලියන ගණන් පොලු තියපු පොලීසිය බාර ඇමති

පොලීසිය භාර අමාත්‍ය ටිරාන් අලස්ගේ වංචා දූෂණ පිළිබඳ හෙළිදරව් රැගත් වීඩියෝවක් පළ කරන ලද මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩව ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබුණි.

ඔහුව අත්අඩංගුවට ගෙන තිබුනේ විදේශගතව සිට ලංකාවට පැමිණෙන අවස්ථාවේදීයි.

පොලීසිය භාර අමාත්‍යවරයාගේ වංචා දූෂණ හෙළිදරව් කිරීමෙන් පසු, අමාත්‍යවරයා පොලීසිය යොදා ඔහුගෙන් පළිගැනීම සඳහා උත්සාහයක නිරත වෙන බවට සැක මතුව තිබුණි. මීට පෙර ටිරාන් අලස් බැංකු ණය ලබාගැනීමේදී වංචා සහගතව හැසිරීම ගැන හෙළි කරන ලද ලංකා බැංකු සේවක සංගමයේ, ලංකා බැංකු ශාඛාවේ හිටපු සභාපති පාලිත ඇටම්පාවල සහ එම ශාඛාවේ ලේකම් ධනංජය සිරිවර්ධන යන අයවත් 2022 අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගත්තා.

මේ අනුව දර්ශනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය අත්අඩංගුවට ගනු ලැබුවේ ටිරාන් අලස්ගේ වංචා දූෂණ ගැන කතා කොට අත්අඩංගුවට පත් වූ තෙවැන්නා ලෙසයි.

මෙය, මෑත කාලසීමාව තුළ අන්තර්ජාලය පාවිච්චි කරමින් මාධ්‍යකරණයේ නිරත වෙමින් සිට අත්අඩංගුවට පත් වූ තවත් සිදුවීමක්. මේ වන විටත් ප්‍රකට යූටියුබ් නාළිකාවක් පවත්වාගෙන ගිය සේපාල් අමරසිංහ අත්අඩංගුවට ගෙන තිබුණි.

දර්ශන හඳුන්ගොඩගේ යූටියුබ් නාලිකාවේ දැක්වෙන පරිදි ටිරාන් අලස්ට ලංකා බැංකුව හරහා මිලියන 1300ක මුදලක් ලබාදී ඇති අතර එය ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක තවත් මිලියන 850ක් ලබාදීමට කටයුතු කර ඇති බවයි. ඊට අමතරව නැවතත් ඔහුට තවත් මිලියන 500ක් ලබාදීමට අනුමැතිය හිමිව ඇති බව මෙහිදී පැවසේ.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...