රාජ්‍ය බැංකුවලට මිලියන ගණන් පොලු තියපු පොලීසිය බාර ඇමති

පොලීසිය භාර අමාත්‍ය ටිරාන් අලස්ගේ වංචා දූෂණ පිළිබඳ හෙළිදරව් රැගත් වීඩියෝවක් පළ කරන ලද මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩව ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබුණි.

ඔහුව අත්අඩංගුවට ගෙන තිබුනේ විදේශගතව සිට ලංකාවට පැමිණෙන අවස්ථාවේදීයි.

පොලීසිය භාර අමාත්‍යවරයාගේ වංචා දූෂණ හෙළිදරව් කිරීමෙන් පසු, අමාත්‍යවරයා පොලීසිය යොදා ඔහුගෙන් පළිගැනීම සඳහා උත්සාහයක නිරත වෙන බවට සැක මතුව තිබුණි. මීට පෙර ටිරාන් අලස් බැංකු ණය ලබාගැනීමේදී වංචා සහගතව හැසිරීම ගැන හෙළි කරන ලද ලංකා බැංකු සේවක සංගමයේ, ලංකා බැංකු ශාඛාවේ හිටපු සභාපති පාලිත ඇටම්පාවල සහ එම ශාඛාවේ ලේකම් ධනංජය සිරිවර්ධන යන අයවත් 2022 අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගත්තා.

මේ අනුව දර්ශනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය අත්අඩංගුවට ගනු ලැබුවේ ටිරාන් අලස්ගේ වංචා දූෂණ ගැන කතා කොට අත්අඩංගුවට පත් වූ තෙවැන්නා ලෙසයි.

මෙය, මෑත කාලසීමාව තුළ අන්තර්ජාලය පාවිච්චි කරමින් මාධ්‍යකරණයේ නිරත වෙමින් සිට අත්අඩංගුවට පත් වූ තවත් සිදුවීමක්. මේ වන විටත් ප්‍රකට යූටියුබ් නාළිකාවක් පවත්වාගෙන ගිය සේපාල් අමරසිංහ අත්අඩංගුවට ගෙන තිබුණි.

දර්ශන හඳුන්ගොඩගේ යූටියුබ් නාලිකාවේ දැක්වෙන පරිදි ටිරාන් අලස්ට ලංකා බැංකුව හරහා මිලියන 1300ක මුදලක් ලබාදී ඇති අතර එය ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක තවත් මිලියන 850ක් ලබාදීමට කටයුතු කර ඇති බවයි. ඊට අමතරව නැවතත් ඔහුට තවත් මිලියන 500ක් ලබාදීමට අනුමැතිය හිමිව ඇති බව මෙහිදී පැවසේ.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...