ඉංදියාව බෙදී වෙන්වීමෙන් පසු මුහුණ දුන් ඛේදජනක ඉරණම මෙයයි..

පසුගිය අඟහරුවාදා බිලියන 1.3 ක් එනම් කෝටි 130 ක් ජීවත්වන ඉංදියාව අගමැති මෝඩි ගේ අණින් වසා දැමුණා..ලක්ෂ සංඛ්‍යාත කුලීකරුවන් ඇතුළු සැතපුම් සිය දහස් ගණනක් දුරින් පිහිටි ප්‍රාන්ත වලින් පැමිණි එදාවේල සරිකර ගන්නා මිනිසුන් එම තීන්දුවත් සමගම කබලෙන් ලිපට වැටුනි.

තමන් වැඩකල වැඩබිම් වෙළඳසැල් ඇතුළු සියල්ල වැසී යනවිට විකල්පය වූයේ තම ගම්බිම් පමණි. එහෙත් පැනවූ නීතියත් සමගම සියළු ප්‍රවාහන සේවාද ඇණ හිටියේය. ඉතා අඩු වැටුප් ලබන බොහෝ පිරිසකට ටැක්සි රථ ඇණවුම් කර තම ගම්බිම් කරා යෑමද සිහිනයක් විය. ඔවුන්ට තිබූ එකම විකල්පය දෙපයින් ඇවිද යාමය. එහෙත් තේ කහට කෝප්පයක් හෝ මග තොටකදී බීමට අවස්ථාවක් නැති කර දින 21 රටම වසා තබන නියෝගය ඉහළින් පැමිණ තිබුණි. එසේ ගම්බිම් කරා සැතපුම් සිය ගනනක් දින කිහිපයක් තිස්සේ ගමන් කල තරුණ යුවලක් වූ මම්තා හා ඇගේ සැමියා එරට මාධ්‍යයට තම අත්දැකීම් එක්කල අයුරු බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත මෙසේ විස්තර කර සිටියේය..
” අපට ජීවත් වීමට ගමට යෑම හැර විකල්පයක් තිබුණෙ නෑ. ගෙදර අන්තිමට ඉතුරු වුන පිටි ටිකෙන් අපි පූරි හැදුව ගමනට ගෙනියන්න. ඊට පස්සෙ මමයි දරුවො දෙන්නයි සැමියයි බදාදා උදේම දිල්ලියෙන් පිටත් වුනා. දරුවො දෙන්න මාරුවෙන් මාරුවට අපි වඩා ගත්තා. ඒත් එයාල ගොඩක් දුර පයින් ගියා. අන්තිමට කකුල් ඉදිමුණා. අපි ඉරිදා හවස සිද්දමායි කියන අපේ ගමට (උත්තර ප්‍රදේශ් හි ගමක් ) ආවා. මේ වගේ නපුරු භයානක අත්දැකීමක් අපි ජීවිතේ විඳල නෑ. හදාගෙන ආපූ පූරි ටිකෙන් අපි අපේ පන යාංතං ගැට ගහ ගත්තා ”

සත්‍යය වශයෙන්ම ඉංදීය ජනයා මෙවැනි ඛේදජනක මොහොතකට මුහුණ දෙන්නේ ඉංදියාව හා පකිස්ථානය වෙන් වීමේදී එරට ඇතිවූ තත්වයෙන් පසුවය. මෙවර අනපේක්ෂිත තත්වයක් තුලදී මෙසේ විසිර ගිය ලක්ෂ සංඛ්‍යාත අඩු ආදායම්ලාභී ශ්‍රමිකයන් තම දීර්ග පා ගමන තුලදී 20 දෙනෙකු පමණ මිය ගොස් ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...