ඊයේ දිනයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබු විරෝධතාවය අතරතුර අත්අඩංගුවට පත්වූ ශෙහාන් පසිඳුට ඇප ලබාදී තිබේ. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සහ පොලීසිය තුළදී පහරදී තිබුණි. මේ හේතුවෙන් ඔහු රෝගීව සිටියදී පවා පොලීසිය ඔහුව රෝහල් ගතකිරීම ප්‍රතික්ෂේප කර තිබුණි.
පසුව ඔහුව රෝහල් ගතකර තිබුණේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි. පොලිස් නිලධාරීන් විසින් හිසට එල්ලකල පහරවල් නිසා ශෙහාන් තවමත් රෝහල්ගත කර සිටියි.


 
							 
															 
															 
															 
															 
															 
															 
															 
															 
															




 
																	 
																	