රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුව සිට නිදහස ලැබූ සන්තනට මව බැලීමට එන්න බැරිවෙයි

ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුව සිට නිදහස ලබා ශ්‍රී ලංකාවේ සිය මව බැලීමට පැමිණීමට සුදානමින් සිටියදී මරණයට පත්වු ටී.සුදෙන්දරාජා නොහොත් සාන්තන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (04) යාපනය,වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පැවැත්වෙයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු හින්දු චාරිත්‍රානුකූලව උඩුප්පිට්ටි හින්දු සුසාන භූමියේදී පැවැත්වීමට නියමිතය.

මළ සිරුර කටුනායක ගුවන්තොටුපොළ සිට යාපනය දක්වා රැගෙන යන අවස්ථාවේ අවමංගල්‍යය පෙරහැර (මාර්තු 03 වැනිදා) වවුනියාව නගරයෙන් ආරම්භ කළ අතර, මාන්කුලම, කිලිනොච්චිය ඇතුළු උතුරු පළාතේ ප්‍රධාන නගරවලදී දේහය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමේ වැඩසටහන් සංවිධානය කොට තිබුණි.

දකුණු ඉන්දීය නීතිඥවරු දෙපළක් සාන්තන්ගේ සිරුර රැගෙන 01 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.‍

උපුටා ගැනීම BBC පුවත් සේවය සිංහල 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්