රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුව සිට නිදහස ලැබූ සන්තනට මව බැලීමට එන්න බැරිවෙයි

ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුව සිට නිදහස ලබා ශ්‍රී ලංකාවේ සිය මව බැලීමට පැමිණීමට සුදානමින් සිටියදී මරණයට පත්වු ටී.සුදෙන්දරාජා නොහොත් සාන්තන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (04) යාපනය,වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පැවැත්වෙයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු හින්දු චාරිත්‍රානුකූලව උඩුප්පිට්ටි හින්දු සුසාන භූමියේදී පැවැත්වීමට නියමිතය.

මළ සිරුර කටුනායක ගුවන්තොටුපොළ සිට යාපනය දක්වා රැගෙන යන අවස්ථාවේ අවමංගල්‍යය පෙරහැර (මාර්තු 03 වැනිදා) වවුනියාව නගරයෙන් ආරම්භ කළ අතර, මාන්කුලම, කිලිනොච්චිය ඇතුළු උතුරු පළාතේ ප්‍රධාන නගරවලදී දේහය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමේ වැඩසටහන් සංවිධානය කොට තිබුණි.

දකුණු ඉන්දීය නීතිඥවරු දෙපළක් සාන්තන්ගේ සිරුර රැගෙන 01 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.‍

උපුටා ගැනීම BBC පුවත් සේවය සිංහල 

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...