ණය පිට ණය – බංගලාදේශයෙන් තවත් ණය ඉල්ලයි

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදලක් ඉල්ලා තිබෙනවා.

විනිමය හුවමාරුවක් ලෙස මෙම මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වේ.

මෙම මුදල් හුවමාරුව සඳහා වූ ඉල්ලීම බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

බිම්ස්ටෙක් (BIMSTEC) සමුළුවට සහභාගි වීම සඳහා බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණ සිටින අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය ඔහුගෙන් මෙම ණය මුදල ඉල්ලා තිබෙනවා.

මීට පෙර බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරුවක් ලබාගත් අතර එම ණය නැවත පියවීමේ කාලසීමාවද දීර්ඝ කර තිබේ.

බංගලිදේශයෙන් ශ්‍රී ලංකාවට එම ණය පහසුකම් ලැබුණේ කොටස් තුනකින් වන අතර 2021 අගෝස්තු 19 වැනි දින පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් ලබා දෙන ලදි.

ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් වූ දෙවන වාරිකය 2021 අගෝස්තු 30 වන දින නිකුත් කරන ලද අතර ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් වටිනා අවසාන වාරිකය 2021 සැප්තැම්බර් 21 වන දින නිකුත් කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...