ඉතාලියට සහාය දක්වන්න ජර්මනියෙන් දැඩි සත්කාර ඒකකයක් සහිත ගුවන් යානයක්

ජර්මනිය සතු පියාසර දැඩි සත්කාර ගුවන් යානය වන එයාර්බස් A310 මාදිලියට අයත් MedEvac ගුවන් යානය COVID-19 ආසාදිත රෝගීන් ප්‍රවාහන මෙහෙයුම් සඳහා එක් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා..

ඒ අනුව ඉතාලියේ සිටින COVID-19 ආසාදිතයන් ජර්මනියේ රෝහල් වෙත රැගෙන ඒම සඳහා මෙම ගුවන් යානය භාවිතයට ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම MedEvac ගුවන් යානය සතුව රෝහල් ඇඳ 44ක් පිහිටුවා ඇති අතර, ඉන් ඇඳන් 16ක් ඉහළ දැඩි සත්කාර සේවා අවශ්‍ය රෝගීන් සඳහා වෙන් කෙරී තිබෙනවා. එසේම මෙම ගුවන් යානය තුළ 25 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක්ද රැඳී සිටිනවා.

මෙම ගුවන් යානයේ දැඩි සත්කාර ඒකකය තුළ ස්වසන ආධාරක උපාංග ඇතුළුව, එහා මෙහා රැගෙන යා හැකි ස්වසන ආධාරක උපකරණ, ඇතුළු සියලු උපාංගවලින් සමන්විත වේ. ඊට අමතරව තවත් අමතර වෛද්‍ය උපාංග රැසකින්ම මෙම දැඩිසත්කාර ගුවන් යානය සමන්විත වන බව ජර්මානු බලධාරීන් පවසනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...