වෙඩි වැදී මියගිය තමුත්තේගම ඇත් පැටවා

තඹුත්තේගම පොලිස් වසමේ ඔරුගලයාය, සඳසිරිගම ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක් තුළ වෙඩි වැදී මිය ගිය බවට සැක කරන ඇත් පැටවකුගේ මළ සිරුරක් වනජීවී නිළධාරීන් විසින් ඊයේ (15) පස්වරුවේ සොයා ගෙන ඇත.

වයස අවුරුදු 08-09 ක් පමණ වන අඩි 2 අගල් 2 ක් පමණ දිගින් යුතු දළ යුගලක් සහිත අඩි 07 ක් පමණ උස ඇත් පැටවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

රෝගී වී අසාධ්‍ය තත්වයේ ඇත් පැටවකු සිටින බවට ඔරුගලයාය ගම්වාසීන් කළ දැනුම්දීමක් මත, තඹුත්තේගම වනජීවී කාර්යාල නිළධාරීන් විසින් අදාළ ඇත් පැටවා සොයා පෙරේදා (14) මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, ඇත් පැටවා එදින හා පසු දින හමු නොවූ බවත්, ඊයේ (15) පස්වරුවේ සඳසිරිගම ප්‍රදේශයේ වනලැහැබක තිබී ඇත් පැටවාගේ මළ සිරුර හමු වූ බවත් වනජීවී නිළධාරීන් පැවසීය.

මෙම ඇත් පැටවාගේ කකුලක වෙඩි ප්‍රහාරයකින් සිදු වූ තුවාලයක් දක්නට හැකි බවත්, ඇත් පැටවා වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල හේතුවෙන් මිය යන්නට ඇතැයි සැකකරන බවත් වන ජීවී නිළධාරීන් පැවසීය.අද (16) පස්වරුවේ ඇත් පැටවාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මිය යන්න්ට හේතුව නිශ්චිතවම තහවුරු කර ගත හැකි බවද වනජීවී නිළධාරීන් පැවසීය.
ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මියගිය ඇත් පැටවාගේ දේහය දැක ගැනීමට පැමිණෙන අයුරුද දැක ගත හැකි වූ අතර, ස්ථානීය ආරක්ෂාවට තඹුත්තේගම පොලිස් ස්ථාන නිළධාරීන් යොදවා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

මාතලේ සමූහ මිනීවලේ විමර්ශන යළි ආරම්භ කරන ලෙස ඉල්ලීමක්

මාතලේ සමූහ මිනීවල පිළිබඳ විමර්ශන කටයුතු යළි විවෘත කරන...

වෘත්තීය ක්‍රියාමාර්ග තර්ජනයෙන් මට්ටු කරන්න හදන මන්ත්‍රීලා

දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්...

නගරාධිපති ‘සහෝදරයට’ එරෙහිව ක්‍රියාමාර්ගයක් ගනීද?

අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්...

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...