විශ්වයේ අපූරු නිමැවුමක් මෙන්ම සමස්ත ලෝකයේම ජීවනාලිය වශයෙන් සැලකෙන ළමයා සෙසු මානව කාණ්ඩයන්ට සාපේක්ෂව වඩා වැඩි නෛතික හා සමාජීය රැකවරණයක් හිමි ජීවි කොට්ඨාසයකි. වර්තමානයේ ඇතිවී තිබෙන කොරෝනා ව්‍යසනයත් සමග ළමයින් අවදානමට ලක් වීමේ ප‍්‍රතිශතය පහළ මට්ටමක පවතින බැව් මතුපිටින් පැහැදිලි වුව ද එය සැබෑ යථාර්ථය නොවන බව කරුණු විමසීමේ දී අනාවරණය වේ. යුනෙස්කෝ සංවිධානයේ දත්ත වලට අනුව මෙම ව්‍යසනය හමුවේ ලෝකයේ බිලියන 1.5 කට වැඩි දරුවන් ප‍්‍රමාණයකට පාසල් යෑමේ අවස්ථාව මග හැරී ගොස් තිබේ. මානසික සෞඛ්‍ය, අධ්‍යාපනය, ළමා ශ‍්‍රමය, ලිංගික හිසංනය, නිදහස, ළමා අපයෝජන, ළමා විවාහ හා ගැබ් ගැනීම් යන පැතිකඩ කිහිපයක් ඔස්සේ ළමයා අනාරක්ෂිත තත්ත්වයකට පත් වී ඇති බව නිරීක්ෂණය කිරීමේ අවකාශය හිමි වන අතර ශ‍්‍රී ලංකාවේ ද මෙම ගැටලුකාරී තත්ත්වයන් සාපේක්ෂව අඩු වැඩි වශයෙන් හඳුනා ගැනීමට හැකිය.
අධ්‍යාපනය හා මානසික සෞඛ්‍ය
ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥාප්තියේ 28 වන වගන්තිය ප‍්‍රකාරව සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය නෛතික ප‍්‍රතිපාදනයක් ලෙස හිමි වී තිබේ. කොවිඞ් ව්‍යසනයත් සමග බොහෝ දරුවන් මාර්ගගත ක‍්‍රමය ඔස්සේ අධ්‍යාපනයට යොමුව ඇති අතර ප‍්‍රායෝගිකව මෙහි දී ප‍්‍රධාන ගැටලු දෙකක් පෙනෙන්නට තිබේ. එහි පළමුවැන්න වන්නේ නව තාක්ෂණික මෙවලම් තුළ ළමයා කොතරම් දුරකට සුරක්ෂිත ද යන්නයි. ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥාප්තියේ 17 වන වගන්තියට අනුගතව ළමයාට විවිධ ක‍්‍රමවේදයන් භාවිතයෙන් තොරතුරු ලබා ගැනීමේ අයිතිය නෛතිකව හිමි වුව ද වර්තමානය වන විට එය බොහෝ ගැටලු ගණනාවකට හේතූ වී තිබේ. විශේෂයෙන්ම ළමයා මානසික සමතුලිතතාවය වෙනුවෙන් විවිධ ක‍්‍රීඩා, චිත‍්‍රපට, ගීත පමණක් නොව විවිධ සබඳතාවයන් ද ගොඩ නගා ගැනීමට පෙළඹී ඇති අතර ඒ හරහා විවිධ මානසික විකෘතිතාවයන් ට දරුවා යොමු වන අයුරු වර්තමානයේ හඳුනා ගත හැකිය. ළමා හිංසනයන් වැළැක්වීම සඳහා එක්සත් රාජධානියේ පිහිටි ජාතික සංගමයට අනුව කොරෝනා වසංගත කාලවකවානුව තුළ සමාජ මාධ්‍යයන් ඔස්සේ ළමා අපයෝජන සම්බන්ධ මහත් කැළඹිලි සහගත තත්ත්වයන් ගොඩ නැගී තිබේ. ශ‍්‍රී ලංකාවේ ද පවතින විවිධ සමාජ මාධ්‍යන් හරහා ඇතැම් විට දරුවා උචිත දේට සාපේක්ෂව රුචිකත්වයක් දක්වන්නේ තමාට නොගැළපෙන ක‍්‍රියාකාරකම් වලටය. මෙහි දී මතුවන දෙවන ගැටලුකාරී තත්ත්වය වන්නේ දරිද්‍රතාවය සමග අර්බුදයට ලක්වන අධ්‍යාපනය හා මානසික සෞඛ්‍යයි. ප‍්‍රායෝගිකව ග‍්‍රාමීය මට්ටමේ කුටුම්භයන් තුළ ජීවත් වන දරුවාට අඩු වටිනාකමක් සහිත ජංගම දුරකථනයක් හෝ ලබා ගැනීමේ දුෂ්කරතාවයන් පවත’. ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥාප්තියේ 02 වන වගන්තිය ප‍්‍රකාරව සමානාත්මතාවය පොදු කරුණක් වුවත් ව්‍යසන කාලපරිච්ෙඡ්දය තුළ විරැුකියා හිගය වර්ධනය වී ඇති බැවින් දෙමාපියන්ට ද උභතොකෝටික ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුව ඇත.
ගෘහස්ථ හිසංනය
කොරෝනා වසංගතයත් සමග ළමයා ලිංගිකමය, කායිකමය හා මානසික වශයෙන් විවිධ හිංසනයන්ට ලක්වන අයුරු හඳුනාගත හැකිය. පසුගිය කාලපරිච්ෙඡ්දය තුළ විවිධ ප‍්‍රදේශයන්ගෙන් වාර්තා වූ සිදුවීම් ඔස්සේ මේ බව පැහැදිලි වේ. වසරකට ආසන්න කාලයක් තුළ දරුවන් නිවෙස්වලටම සිර වී සිටින අතර එය ඇතැම් දෙමාපියන්ට ද මහත් ගැටලුවක් වී තිබේ. ඇතැම් දෙමාපියන් නිවසේ වැඩ කටයුතු වලට දරුවා සම්බන්ධ කර ගැනීමට පෙළඹී ඇති අතර එය දරුවාගේ පෞරුෂ වර්ධනය හා සහයෝගීතා ගුණාංග වර්ධනයට බෙහෙවිල් ඉවහල් වන තත්ත්වයකි. නමුත් එය මානසික ගැටලු ඇති නොවන අයුරින් සිදු කිරීමට දෙමාපියන් කල්පනාකාරී විය යුතු ය. කොරෝනා වසංගතය හමුවේ ප‍්‍රංශය, චීනය වැනි රටවල සතියකට 30% ක් ඉක්මවා ගෘහස්ථ ප‍්‍රචණ්ඩ සිදුවීම් වාර්තා වන බව මාධ්‍ය විසින් තහවුරු කොට තිබේන අතර ශ‍්‍රී ලංකාවේ ද එවැනි තත්ත්වයන්ගේ වර්ධනයක් පවතින බව දෛනිකව වාර්තා වන සිදුවීම් තුළින් පැහැදිලි වේ.
ළමා ශ‍්‍රමය, ළමා විවාහ හා ළමයාගේ සමාජ තත්ත්වය
ලෝකයේ විශ්ලේෂණයන් තුළින් වාර්තා වන සංඛ්‍යාත්මක ඇස්තමේන්තු වලට අනුගතව මිලියන 152 කට ආසන්න දරුවන් ප‍්‍රමාණයක් ව්‍යසන කාලපරිච්ෙඡ්දය තුළ ළමා ශ‍්‍රමිකයන් ලෙස අවභාවිතයට ගැනීමේ සිදුවීම් වාර්තා වේ. පවතින ආර්ථිකමය අස්ථාවරත්වයන් තුළ දරුවාගේ කැමැත්තකින් හෝ එවැන්නක් සිදු වුව ද එය නෛතිකමය වශයෙන් ගැටලුකාරී තත්ත්වයකි. ග‍්‍රාමීය, නාගරික භේදයකින් තොරව තම ගෙවත්තේ දරුවාට හැකි අයුරින් භූමී ප‍්‍රමාණයක් වෙන් කර, දරුවාව ඒ වෙතට යොමු කළ හැකි නම් එය දරුවාගේ මානසික සෞඛ්‍ය මෙන්ම වගකීම් සහගත පුරවැසියෙකුගේ භූමීකාව වර්ධනය කර ගැනීමට ළමයාට ලැබෙන සුවිශේෂී පිටුවහලක් බව නොඅනුමානය.
ග‍්‍රාමීය මට්ටමින් හඳුනා ගත හැකි තවත් කණගාටුදායක තත්ත්වයක් වන්නේ සාමාන්‍ය පෙළ අවසන් වූ සැනින් දරුවා පවුලේ ආර්ථිකය කෙරෙහි මැදිහත්වීමයි. මෙම ව්‍යසන කාලපරිච්ෙඡ්දය තුළ මෙම තත්ත්වයන්ගේ ශීඝ‍්‍ර වර්ධනයක් පැහැදිලිව හඳුනාගන්නට හැකිවිය. ඇතැම් දරුවන් අයථා සබඳකම් ඔස්සේ සියලු වගකීම්වලින් නිදහස් වීමට අඩු වයසින් විවාහ දිවියට ඇතුළත් වීමේ සිදුවීම් ද ශ‍්‍රී ලංකාවේ සිදු වන බව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද පිළිගත යුතු ය. මේ තුළ දරුවාගේ නිදහස සම්බන්ධයෙන් ද ගැටලු ගණනාවක් මතු වී තිබේ. මෙවන් තත්ත්වයන් වෙනුවෙන් වගකිව යුත්තේ කවුරුන් ද?
දරුවාගේ අයිතීන් හා නිදහස වෙනුවෙන් දෙමාපියන්ගේ් භූමීකාව
ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥාප්තියේ 18 වන වගන්තිය ප‍්‍රකාරව දරුවාගේ නෛතිකමය මෙන්ම සමාජීය භාරකරුවා බවට පත්වන්නේ දෙමාපියන්ය. ව්‍යසන කාලපරිච්ෙඡ්දයේ තෙවන රැුල්ල පසු කරමින් සිටින මේ මොහොතේ මින් පෙර නොවූ තත්ත්වයන්ට සාපේක්ෂව ආර්ථික, සමාජීය මෙන්ම මානසික ගැටලු ගණනාවක් කුටුම්භයන් තුළින් හඳුනාගත හැකි බව සත්‍යයකි. නමුත් අන් සියල්ලටම වඩා තම දරුවන් වෙත ප‍්‍රමුඛතාවය ලබා දීමට දෙමව්පියන් වග බලා ගත යුතු ය. දරුවා වැරදි අවභාවිතයන්ගෙන් වළක්වා ගැනීමේ පූර්ණ හැකියාව මේ මොහොතේ පවතින්නේ දෙමාපියන් සතුවය. අතීතයට සාපේක්ෂව වර්තමානයේ සමාජ ක‍්‍රමයේ හා අධ්‍යාපනයේ වෙනස්කම් සිදු වුව ද ඒ සියලු තත්ත්වයන්ට සමබරව මුහුණ දීමේ ශක්තිය ප‍්‍රථමයෙන් දෙමාපියන් ප‍්‍රගුණ කළ යුතු අතර දෙවනුව එය නිරායාසයෙන්ම දරුවන්ට ද ආරෝපණය වීම සිදු වේ.
වගකිව යුතු බලධාරීන්ගේ භුමීකාව
ව්‍යසන කාලවකවානුව තුළ දරුවාගේ අධ්‍යාපන කටයුතු මෙන්ම මානසික සෞඛ්‍ය වර්ධනය කෙරෙහි යම් සාර්ථක වැඩසටහන් කිහිපයක් හඳුන්වා දීමට වගකිව යුතු ආයතන හා බලධාරීන් උත්සුක විය යුතුය. විශේෂයෙන් දරිද්‍රතාවය සමග ඉදිරියට යන ශ‍්‍රී ලංකාවේ මාර්ගගත අධ්‍යාපනය සම්බන්ධයෙන් පැහැදිලි ක‍්‍රමෝපායන් හැකි අයුරින් හඳුන්වා දීමට කටයුතු කිරීම අතිශය වැදගත්ය. මේ මොහොතේ අනෙකුත් ප‍්‍රජාවට සාපේක්ෂව ග‍්‍රාමීය හා නාගරික දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ගේ අධ්‍යාපනය අර්බුදකාරී මාවතකට යොමු ව තිබේ.
ළමයාගේ වගකීම හා භූමීකාව
දෙමාපියන්, ගුරුවරුන් මෙන්ම අනෙකුත් වගකිව යුතු පාර්ශ්වයන් විවිධ ක‍්‍රමවේදයන් තුළින් ළමයාගේ අනාගතය වෙනුවෙන් විවිධ ක‍්‍රියාමාර්ග අනුගමනය කළ ද එහි සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබේ ක‍්‍රියාකලාපය මත දරුවන් අවබෝධ කර ගත යුතු ය. මෙම ව්‍යසන කාලවකවානුව ඔබේ ජීවිතයේ නව අත්දැකීමක් රාශියක් ලබා ගත හැකි සංක‍්‍රාන්ති කාල පරිච්ෙඡ්දයක් ලෙස අවබෝධ කර ගත යුතු අතර පවතින සම්පත් තුළින් උපරිම ප‍්‍රයෝජන ගනිිමින්, අවභාවිතයන්ට යොමු නොවීමට ද ස්වයං හික්මීමක් තමා තුළ ඇති කර ගත යුතු ය. ඒ තුළින් ඉදිරි අනාගතයේ දී මෙම තත්ත්වය පිළිබඳව ධනාත්මකව සහ තෘප්තිමත්ව කතා කළ හැකි හා සිතා බැලීමේ අවකාශය ඔබට හිමි වනු නොඅනුමානය.
සචිනි උමාෂා ගීතාංජලී සහය කථිකාචාර්ය -දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය