පරිසර ඇමතිගේ බලපෑමෙන් මහවැලි ගඟ හැරීමට අවසර…

මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ හෙක්ටයාර් විසි හතක භූමි ප්‍රමාණයක් යන්ත්‍ර සුත්‍ර යොදා වැලි කැණිමට නීති විරෝධීව අවසරයක් ලබා දි ඇත. ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් අමාත්‍ය මහින්ද අමරවීරට අවැසි හිතවතුන් වෙත වැලි කැණීම් බලපත්‍ර නිකුත් කරන ලෙස ඔහු භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යංශයට දිගින් දිගටම බලපෑමි කරමින් සිටී.

සොබාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් මහා පරිමාණ වැලි කැණීම් සදහා අවසර ලබාදී ඇත්තේ අහංගම කන්ස්ට්‍රක්ෂන් ආයතනය වෙතයි.

භූ විද්‍යා පතල් කාර්‍යංශය විසින් මහා පරිමාණ කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ නම් ඒ සදහා පාරිසරික තක්සේරුවක් සිදු කර මෙම පරිසර පද්ධතියේ සංවෙිදී තාවය පිළිබද අධ්‍යයනය කල යුතුය. එසේ නොමැතිව මහා පරිමාණ වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නීති විරෝධී ක්‍රියාවලියකි.

මීට පෙර මෙම ප්‍රදේශයේ සුළු පරිමාණ වැලි කැණීම් සඳහා ප්‍රදේශවාසීන් විසින් බලපත්‍ර ඉල්ලා සිටියද කූඩ මගින් වැලි ගැනීම මෙම සොබාවික පරිසර පද්ධතියට හානි විය හැකි බව පවසා භූ විද්‍යා පතල් කාර්යංශය එය ප්‍රතික්ෂේප කර තිබිණි.

එමෙන්ම විසල්මා කන්ස්ට්‍රක්ෂන් ආයතනය වැලි කැණීම් සඳහා බලපත්‍ර ඉල්ලා සිටියත් එම ප්‍රදේශයේ ඇති පාරිසරික සංවේදීභාවය නිසාම එම වැලි බලප්‍රතය ලබාදීම භූවිද්‍යා හා පතල් කාර්යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

අනවසර මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදා වැලි කැණීමට අවසර දී ඇති සාපි නගර් ප්‍රදේශය මහවැලි ගඟ විසින් පාරිණාමිකව ගලා යාමෙිදී සොබාවික ලෙස නිරීමාණය වු ජල තටාක හා වැලි නිධි විශාල ප්‍රමාණයක් ඇති ප්‍රදේශයක් මෙන්ම සොබාවික පාරිසරික සංවේදී කලාපයක්ද වේ.

2021/57/B අංකයෙන් නිකුත් වූ 2021 ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වැලි කැණීම් සම්බන්ධව කල වාර්ථාවට අනුව අධික ප්‍රමාණයක් වැලි බලපත්‍ර දැනටමත් නිකුත කර ඇති නිසා එමගින් මහවැලි ගඟේ ඉවුරට විශාල වශයෙන් හානි පැමිණ ඇත. එමෙන්ම ප්‍රදේශයේ ලවණතාවය වැඩි වී ඇති බවට පර්යේෂණ මගින් සනාත වී ඇත. රවින්ද්‍ර කාරියවසම් , ජාතික සමිබන්ධීකරක , පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය .( ජයාරෑපය. ගංගා සංරක්ෂණය වෙනුවෙන් රජය සකස්කල වාර්ථාය)

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...