ආණ්ඩුව මේ වෙලාවේ තමන්ගේ අතපසුවීම් නොහැකියාවන් වසන් කර ගැනීම සඳහා රැල්ලට සිදුවන අලි ඇතුන්ගේ මරණ කුමන්ත්‍රණ ලෙස අර්ථකථනය කරන්න පටන්ගෙන තියෙනවා . ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න අලි මරණ එක කුමන්ත්‍රණයක් නම් ඒ කුමන්ත්‍රණයට මුල පිරුවේ වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන ලාල්කාන්ත බව සිහිපත් කළ යුතුයි . තමන්ගේ වගාවන් වලට හානි කරන සතුන්ට කැමති දෙයක් කරන්නට කිව්වේ ඔහුය . ඒ කතාව අදටත් වලංගුය . මක්නිසාද යත් එය ඉල්ලා අස්කර ගත්තේ නැත .
- ජනතාව කැලේ සතුන්ට ආරක්ෂා කර තබන්න ඕන කියද්දී ආණ්ඩුව මොකද කරන්නේ? වන්දම දෙමළලිය රක්ෂිතයේ ඉඩම් බෙදා දෙන්න ලෑස්ති උනේ ආණ්ඩුව . බහුජාතික සමාගම්වලට අක්කර දෙතුන් සියය ලබා දෙන්න මේ වන විටත් ආණ්ඩුව සූදානම් වෙනවා .