Breaking News

රජයෙන් බෙදූ ත්‍රිපෝෂවල උග්‍ර විෂකාරක

දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ළදරුවන් සහ මවුවරුන් අතර බෙදා හැර ඇති ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොීක්ෂීන් නම් වූ විෂ කාරකය අඩංගු වී ඇති බවට අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

උපුල් රෝහණ ඒ බව පැවැසූවේ මාදම්පේදී අද (20) පැවැති මාධ්‍යහමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වු උපුල් රෝහණ පවසා ඇත්තේ,

‘ළදරුවන්ට සහ මව්වරුන්ට බෙදා හැරීම සදහා එවා තිබූ ත්‍රී පෝෂ නම්වූ පෝෂණීය ආහාරය දිවයින පුරා පිහිටි සෞඛ්යා වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් මේ දිනවල එකතු කරමින් සිටින බව දැනගන්න තිබෙනවා . ඒ අකාරයෙන් හදිසියේම ගබඩා කර ඇති ත්‍රී පෝෂ එකතු කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න සොයා බැලීමක් සිදු කලා. එවිට අනාවරණය වූයේ මේ වන විට බෙදා හැරීම් සිදු කරන ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොරක්ෂීන් නම්වූ උග්‍ර විෂ කාරකය අඩංගු බවයි.

ඉකුත් කාලය පුරා දිවයින පුරා පිහිටි සෞඛ්යර වෛද්‍ය නිලධාරී කාර්යාල වලට එවා තිබූ ත්‍රී පෝෂ බොහෝමයක් මේ වන විට බෙදා හැර අවසන් බවත් , එමෙන්ම බෙදා හැර ඇති එම ත්‍රී පෝෂ වලින් වැඩි ප්‍ර මාණයක් ළදරුවන් සහ මව්වරුන් අහාරයට ගෙන තිබෙනවා. මෙය ඉතාමත්ම අනතුරු දායක අවාසානාවන්ත තත්ත්වයක්.

ඇල්ෆාටොක්ෂීන් නම්වූ විෂ කාරයක අඩංගු ත්‍රී පෝෂ බෙදා හැරීමට අවසර ලබා දී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම සොයා බලා කටයුතු කරන ලෙස අපි ඉල්ලීමක් කරනවා. එමෙන්ම මේ වන විට වෙළදපොළ තුළ තියන ඇතැම් ළදරු පෝෂණ ආහාර වලත් මේ ආකාරයට ඇල්ෆාටොක්ෂීන් ඇතුළු විවිධ විෂ කාරක අඩංගුවී තිබෙන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී දිවයින පුරා ඇති වෙළද සැල් පරීක්ෂා කිරීමට අපි සුදානම්.

කිසියම් ආකාරයකට විෂ කාරක සහිත ආහාර අලවිය සදහා වෙළද පොළේ තිබී හමුවුනහොත් ඒවා නිෂ්පාදනය කර බෙදා හැර ඇති ආයන වලට සහ අලවිය සදහා තබා ගෙන සිටි ව්‍යාපාරිකයන්ට එරෙහිවත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා.“

leave a reply