වැඩකරන ජනතාවගෙන් රු 2500 කපා දමන පනත් සම්මතයි

සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත සංශෝධනය සඳහා), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත සංශෝධනය සඳහා) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය අද (22) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙහිදී සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 182 හිමිවූ අතර විපක්ෂව කිසිදු ඡන්දයක් නොලැබුණි. කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් අනතුරුව පැවති තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 181 ක් හිමි වූ අතර විපක්ෂව කිසිදු ඡන්දයක් නොලැබුණි.

මේ පනත් කෙටුම්පත් හරහා පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප 21000 සිට 27000 දක්වා වැඩිවෙන නමුත් මෙතෙක් කාලයක් ඔවුන් වෙත ලැබුණු අයවැය සහන දීමනාව වූ රුපියල් 2500 කපා දැමීම සිදුවේ.

ආණ්ඩුව මේ කරන්නේ පඩි වැඩිවන බව පෙන්වා ඇත්තවශයෙන්ම පඩි කපා දැමීමකි. එසේම මෙය සමාගම් හිමියන් සඳහා වාසි සලසන්නකි. 2016 සිට ක්‍රියත්මක වූ මෙම අයවැය සහන දීමනාව ආර්ථික අර්බුදය හමුවේ පවා නොදැමුවකි. ගැටළුවක් ලෙස ඇත්තේ ආණ්ඩුව මෙවැනි තක්කඩි වැඩ කරද්දී එයට විරුද්ධ වෙන්නට පාර්ලිමේන්තුවේ හරිහමන් විපක්ෂයක් නොතිබීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...